(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබේ.
නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කර ඇති සිය පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ උත්සාහයක්... ජයවේවා..!!!
ඔන්න ඕක තමයි ජවිපයට ඡන්දෙ හම්බ වෙන්නේ නැත්තේ... රට දියුණු වෙනවට අකුල් හෙළනවනේ...
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මිනිස් ඝාතන සහ දේපළ විනාශයේ සාමාජිකයෙක්නේ... කොහෙන් හිනාවෙන්නද මන්දා...? ඒ වගේම ඔහෙලගේ අර බී.එම්.ඩබ්ලිව් වාහනයක් උපන්දින තෑග්ගකට දුන්නු කෙනා ගැනත් සොයා බලන්න.
ගෙන්නවන්නනෙ නැති බව දැනගෙන දැං බොරුව ට රඟ පානව. දැන් ද මතක් වුනේ
එය විය යුතුයි.
අන්න හොඳයි, මෙන්න අපේ මොරාල් සපෝට් එක.