(යොහාන් භාසුර)
‘කොවිඩ් 19’ මර්දන රාජකාරියේ නියුතු රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන සංවර්ධන නිලධාරී සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.
ජීවිත අවදානම නොතකා රාජකාරිවල නිතරව සිටින රාජ්‍ය සේවකයන් සඳහා දීමනාවක් ලබාදීමට අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් වූ බවත් එසේ වුවද එම දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී නොමැති බවත් සංවර්ධන නිලධාරී සේවා සංගමය අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.
‘කොවිඩ් 19’ මර්දන රාජකාරියේ නියුතු සෞඛ්‍ය සේවය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකට යම් යම් දීමනා ලබාදීමට අවධානය යොමු කර ඇතත් ඊට සමාන අවධානමකින් සේවය කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ද දීමනාවක් ලබාදීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කාර්යාල බොහෝමයක් බාගෙට හෝ සම්පූර්ණයෙන්ම වසා දමලා... රජයේ නිලධාරීන් වැඩිහරියක් ඉන්නේ ගෙවල්වල... මෙවැනි වාතාවරණයක් මොවුන්ට දීමනා ගෙවන්න අවශ්‍යද?
මෙවැනි ඉල්ලීම් කොයිතරම් සාධාරණ දැයි නැවත සිතා බැලිය යුතුයි. සෞඛ්‍ය සේවය සෘජුවම රෝගීන් සමඟ ගණුදෙනු කරන අය බැවින් ඔවුනට අනතුරක් ඇත.
ජෝබ් නැතුව ගෙදර ඉන්න අපිටත් ඕනෑ දීමනාවක්...!!!