(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඉකුත් බදාදා (16) වනදා ආරම්භ කෙරිණි.
ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් සහ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අද(21) වනවිට අත්සන් තැබූහ.
විශ්වාසභංග යෝජනාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ මේ සංදර්ශන වල ප්‍රතිඵල... දැන් තෙල් මිල වැඩිකිරීම ගැන කිසි කතාවක් නෑ. හැමදාම ඕක තමයි රාජපක්ෂලා කරන්නේ. දැක්කනේ වරාය විකුණන්න ඕනෑ වුණාම හරක් මස් තහනම් කිව්වේ මහින්ද. දැන්වත් මේ මායාවන්ගෙන් මිදිලා සත්‍යය දකින්න උත්සාහ කරන්න.
මේකෙන් බලාගන්න පුළුවන් අර සාගර ඇමැතිතුමාගේත්, අනිත් අයගේත් කෙරුවාවල්... පක්ෂව ඡන්දෙ දෙයිනේ...!!!
අන්තිමට මේ 39 වත් ඡන්දෙ දෙයිද දන්නේ නැහැ. දැන් කතා කරන්නේ තෙල් මිල නෙවෙයි විශ්වාස භංගේ ගැන. මෙයාලත් ආණ්ඩුවට සපෝට්... අන්තිමේදි ගම්මන්පිල කියයි මම ගැන විශ්වාසය හොඳින්ම තහවුරු වුණා කියලා...
මූනෙන්ම කට අැරියොත් කියන්නේ බොරු බේගල් කියලා පේනවා. විශ්වාස භංගයකින් හරි කමක් නැහැ ගෙදර යවලා දාන්න....
ගම්මන්පිළ වගේ විකටයෝත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ..!!!
උදය, විමල්ලාගේ කට විතරයි වැඩ නැහැ. මොකද වුණේ උදයට...? තෙල් දුන්නා මිල වැඩිකළා. ඕක කරන්න ඇමැතිවරු මොකටද?