(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොරෝනා පාලනය සහ රජයේ අනෙකුත් වියදම් සඳහා අමතර රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය .
මෙය 2012අංක 1 දරන පරිපූරක ඇස්තමේන්තුව ලෙස සඳහන් වේ.
පරිපූරක ඇස්තමේන්තුව මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙහිදී යෝජනා කළේය.
මෙයට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මුදල් අමාත්‍යාංශයේ 2020 වාර්ෂික වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම වාර්තාව මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කිරීමට ද මෙහිදී යෝජනා විය.
මෙයට අමතරව ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන් කිරීම පිළිබඳ සටහනද ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඔහු මෙම පරිපූරක ඇස්තමේන්තුව සහ අනෙකුත් වාර්තා ඉදිරිපත් කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවලින් දවසකට මැරිලා තියෙන්නේ කීදෙනාද? වියදම් කළ සල්ලි කෝටි දහස් ගාණක්... මේක තනිකරම වවන් කෑමක්..