(නිමල කොඩිතුවක්කු)
ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කර ගන්න ආණ්ඩුවට නොහැකිනම් එය සිදු කළ හැකි කණ්ඩායමකට රට බාරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .
"ජනතාවගේ ජන දුක නිවනවා වෙනුවට මේ ආණ්ඩුව තව තවත් ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. කොරෝනා වසංගතයෙන්, පොහොර අර්බුදයෙන්, රැකියා අර්බුදයෙන්, දරුවන්ට අධ්‍යාපනය නොමැති කමින්, පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් කළා. ජනතාවට කොවිඩ් එන්නත නැහැ, ආණ්ඩුවේ බලවතුන්ට විතරයි අද එන්නත තියෙන්නේ. අද මවුවරුන්ට මන්ද පෝෂණය, දරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ, ජනතාව එදා කන්න නැතුව අන්ත අසරණ වෙලා ඉන්නවා.
ගොවියන් ධීවරයන් මධ්‍යම ප්‍රාන්තික රජයේ සේවකයාට අද ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ අය නගාසිටුවන්න මේ අයට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ජනතාවට සහන දෙන්න බැරි රට සංවර්ධනය කර ගන්න බැරි ආණ්ඩුවට අපි කියනවා බැරිනම් දාලා යන්න කියලා. මේ රට ඉදිරියට ගෙනයාමේ වගකීම භාර ගන්න අපි සූදානම්. ජන සමාජයේ සියලුම වෘත්තිකයන් නියෝජනය කරන්න තමයි අද අපි මේ ජනතාව භාවිතා කරන වාහන අරගෙන පාරට ආවේ. වැඩි කරපු ඉන්ධන මිල පහත හෙලා වහාම ජනතාවට සහන දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අපි මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. දේශ ද්‍රෝහීන් කවුද දේශප්‍රේමීන් කවුද කියලා මේ විශ්වාසභංග යෝජනාවෙන් ජනතාවට බලා ගන්න පුළුවන්" යයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හොඳම පාසලට ගිහිල්ලත් සා.පෙළ ෆේල් මනුස්සයෙක් කියන කතා වලට කොහෙන් හිනාවෙන්නද?.
දෙන්න නෙවෙයි, ආ ගන්න බබෝ. තකට තක හරියන කට්ටිය...
තැනින් තැන පෙට්ටිගෙවල් හැදුවා වගේ රටක් කරන්න බැහැ. ඔයාට කොහොමත් රටේ නායකයා වෙන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න.
"අනේ කළ හැකි කණ්ඩායමට කිව්වේ" බොරුවට මට දෙන්න මම විතරයි මේ ඔක්කොම හොඳට කරන්න දන්නේ. මීට පස්සේ මම උස අයට කම්කරු දෙන්නෙත් නැහැ. කොට අයට සිකියුරිටි දෙන්නෙත් නැහැ හොඳේ... මම දැහැමින් රජකම් කරනවා හොඳේ.. පරණ පව් කිසිවක් අනේ...සොරි සොරි වැරදුණා... පරණ පිං මුකුත්ම කරන්නේ නැහැ හොඳේ...
මෙයාට දෙන්න ...
කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, කොරෝනා මරණ, දැඩි සංචරණ සීමා හේතුවෙන් අහිමි වී ගිය ආදායම් මාර්ග, අධික ජීවන බර, රැකියාවල අවිනිශ්චිත බව, ගිනිගත් නැව අපේ මුහුදට ගැනීමේ හේතුවෙන් ඇතිවූ සංකීර්ණ ගැටලු, නොමිලයේ දෙනවා කිව්ව පොහොර අද සල්ලිවලටවත් ගන්න නැති නිසා කබලෙන් ලිපට වැටී ඉන්න අහිංසක ගොවි මහත්තුරු විශාල අභියෝගයට මුහුණ දී සිටිති. ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ මතභේද මහජනතාව හමුවේ ගිනිකෙළි සංදර්ශන බවට පත්ම ඈත. එහෙම බැලූවිට විපක්ෂනායකතුමා කියන එකත් හරි...
අම්මෝ අපි සජිත්ට දීලා ගෙදර යමු...
එහෙම දුන්නොත් ඉතින් අයියලා, මල්ලිලා ඇතුළු මුළු පවුලටම, පරම්පරාවටම වැලේ වැල් නැතිව හිඟා කන්න තමයි වෙන්නේ. මේක මේ පවුලේ ප්‍රශ්න විසඳගැනීමේ රජයක්...
කාට කිරලා දෙන්නද? ඔක්කොටම දීලා බලලනේ තියෙන්නේ... ඔක්කොම හොරු..
ඔබතුමා කොච්චර නහයෙන් අඬලත් වැඩක් වෙන්නේ නැහැ... දැන් බලන්න මේකට එන ප්‍රතිචාර ටික...
යසපාලනය කියලා නම වෙනස් කරලා පටන් ගමු. මීට වඩා බැණුම් අහන්න නම් වෙනවා.
විපක්ෂයට ජයවේවා.ඔබ සැම එක්වී මේ දුශිතරජය පලවාහැර,හොරු සියලුදෙනාම වහාම අධිකරණයට ඉදිරිපත්කොට සිරගත කරන්න.
එතකොට කරන්න පුලුවන් එක්කෙනා ඔයා ද? අනේ නිකං යන්න සජිත් . ඔන්න පාඨලී වත් කිව්ව නං කමක් නැහැ ඔය කතාව .
ඒ කියන්නෙ අපට දෙන්න කියල නේද?
දෙනවා අනිවාර්යයෙන්... හැබැයි ඒ ඔයාලාවත් රතු අයියලාවත් නොවෙයි... දුප්පත් මිනිස්සු අතරින්ම පත්වන කිසිම දවසක දේශපාලනේ කරලා නැති පිරිසිදු චරිතයක් තියෙන කෙනෙක්ට... එහෙම කෙනෙක්ට විතරයි පුළුවන් රටින් සල්ලි හොරකම් කරපු දේශපාලකයින්ගෙන් ආපහු ඒ සල්ලි ගන්න.
පුදුමයි කවුරුත් අදහස් දක්වා නැහැ...
ඒක තමයි අපි 2020 කලේ. මේ ගොල්ලන්ට බැරිනම් බෑම තමයි.