(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇතැම් මහා පරිමාණ මෝල්කරුවන් වී සඟවා රුපියල් බිලියන ගණන් ලාභ උපයන බවත් සහල් කිලෝවකින් රුපියල් විස්සකට වැඩි ලාභයක් ලබන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) හෙළි කළේය.
ගොවින් වී ටික විකුණා අවසන් බවත් දැන් වී ටික තියෙන්නේ මෝල්කරුවන් ළඟ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
අලුත්ගමගේ මහතා මෙසේ පැවසූවේ සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය.
"දැන් ගොවීන් වී ටික විකුණලා ඉවරයි. ඒ නිසයි අපි හාල් ගෙන්නන්න තීරණය කළේ.අපි සහල් පාලනය මාස දෙකක් ගත්තා.දැන් අපි ළඟ වී තොග ඉවරයි.දැන් වී ටික තියෙන්නෙ මෝල් හිමියන් ගාව.මේ කට්ටියගේ ඒකාධිකාරය බිඳින්න ඕන නම් පාරිභෝගිකයාට සහන මිලට සහල් දෙන්න නම් අනිවාර්යෙන්ම ආනයනය කරන්න වෙනවා ."
"අපි රසායනික පොහොර ආනයනය කරන්නේ නැහැ. කාබනික පොහොරවලින් වගා කළා කියලා අස්වැන්න අඩු වෙන්නේ නැහැ.මම වගකීමෙන් කියනවා. ඒ ගැන විවේචනය කරන්නේ රසායනික පොහොර සමාගම් වෙනුවෙන් හිටගන්න අය.රසායනික පොහොර නිසා වකුගඩු රෝගීන් එක්ලක්ෂ පනස්දාහක් බිහිවෙලා .ඊළඟ මහ කන්නෙ ඉඳලා අපි කාබනික පොහොරවලට යනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු චෝදනා එපා.වහාම අස්වෙලා යනන
බය වෙන්න දෙයක් නැ වී මොල් හිමියන්ට නවතින්න වෙන්නේ පිටසක්වල තමයි
ඒදා ආණ්ඩුව ගාපු කං කෙඳිරිය මෙයාලත් කරනව. ඕව නතරකරනව කියල නේද ආවේ? මොකටද අලුත් ආණ්ඩුවත් එහෙම නම් ? රටින් ගෙනාව කියල හරියනවද?
බොරුවට බෝලෙ පාස් කරන්න එපා... මේ වගේ පුංචි රටක් පාලනය කරන්න බැරි ඔහෙලා නම් ෆේල්ම තමයි..
අපේ සර් හාල් වැඩේ අතෑරියානේ... කෝ හමුදාවේ තියෙනවා කියපු වී... ඒවා ගැන මොනවත් කතා නැහැ. හාල් හිතුමතේ විකුණනවා. ආණ්ඩුව නිදි ... බන්දුල සර් ... ඊළඟ කන්නය එනකම් ඉන්නවා හාල් අඩු කරන්න. දැන් කන්න කීයක් ආවාද? කෝ වැඩ කට්ටියගේ? වැඩ නෑ... හැකර කටවල් විතරයි තියෙන්නේ.
පොහොර නැතුව ගොවියෝ කුඹුරු අතහැරපුවහම ගොවියෝ හන්ගලා කුමන්ත්‍රණයක් කියයි
හලෝ මේ ගොල්ලන්ට චෝදනා කර කර ඉන්නේ මොන මගුලකටද? ගෙන්වනවකෝ හාල් පිටරටින්. ගොවියා දැනටමත් වී විකුණා අවසන්...