(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රුපියල් කෝටි ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (22) හිමිවිය.
මුදල් ඇමතිවරයා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (22) රැස්විය.
කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වුණු මෙම රැස්වීම සඳහා රජයේ නිලධාරීන් සම්බන්ධ වූයේ ඔන්ලයින් ක්‍රමයටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ මිනිසුන්ගේ සල්ලි කාට කියන්නද මේවා
ලෙහෙසි නැහැ මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්න.