
(යොහාන් භාසුර)
රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
කොවිඩ් වරයිරස් අර්බුදය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලබාදීම සඳහා ගුරුවරු දැවැන්ත කැපකිරීමක් සිදුකරන බවත් දරුවන්ගේ අපහසුතා පමණක් නොව ගුරුවරුන්ගේ අපහසුතා පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට මාසයකට පඩියක් හරි ලැබෙනවා.. එදා වේල හම්බකරන් කන පවුල්වල ළමයින්ට කවදා සහනයක් ලැබෙයිද?
ස්මාර්ට් ජංගම දුරකථනයක් නැති ගුරුවරුන් ඉන්නවද? ණය දෙන එකනම් සහනයක් නෙවෙයි. ඒවා ගෙවන්න එපැයි.
මාර්ගගත අධ්‍යාපන කටයුතු ක්‍රමවත් නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන, කලාප අධ්‍යාපන, කොට්ඨාශ අධ්‍යාපන, විදුහල්පති, ගුරුවරු අයුරින් ක්‍රමවත්ව නියාමනය කරමින් ගුණාත්මක මාර්ග ගත අධ්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපනය කල යුතුයි. එය කොරෝනා උවදුර නිසා රටේ අනාගත වගකීම් දැරීමට සිටින දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සිදුවන බලපෑම අවම කිරීමට රුකුලක් වෙයි.
යහපාලනේ කාලේ රනිල් මහත්තයා පාසැල් ළමයින්ට නොමිලේ ටැබ් දෙන්න හදනකොට ඔහෙලා ඒක කෝචොක් කරලා පොල්ල දාපු හැටි දැන් අමතකද?
අපරාදේ කියන්න බැහැ. ගුරුවරු මාර කැපකිරීමක් කරන්නේ... මම දන්න ජනප්‍රිය පාසැලක ගුරු මහත්මියක් ගෙවල් ගානේ ගිහින් ටියුෂන් දෙනවා. සමහරු නම් කියන්නේ මාර ගැහිල්ලක්නේ ගහන්නේ කියලා..
හරි නම් ගුරුවරුන්ට රජය විසින් නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදිය යුතුයි...
මේ වැඩෙන් ගුරුවරුන්ගේ ඡන්ද ටික ලැබෙනවා. ඒක හොඳ අනාගතයකට වැදගත්. ෆෝන් කම්පැණි ටික අල්ල ගන්නවා. මේ ගුරු ණයෙන් ගන්නා ෆෝන් එකකින් රු. 500/- ක කොමිස් එකක් තිබුණා කියමුකෝ. අඩුම තරමේ ෆෝන් 10,000 ක් ගියොත්, රු.50,00000 /- ක් අතේ. ෆෝන් ගණන තව වැඩි වුණොත්, වැඩේ ගොඩේ ගොඩ. ඒත්, අපි මෙහෙම කිව්වාට, එහෙම කරාද නොකරාද කියා දන්නේ ඒ අයම තමයි. ඒත්, දේශපාලකයන් කරන දේවල් ගැන යි අප කිව්වේ...
ඊට කලින් ගස් ගල් උඩ නැඟගෙන සිග්නල් හොයන අහිංසක දරුවන් විඳින දුක ගැන සොයා බැලුවොත් නරකද? මොනවා හරි කරන්න කලින් ඒ වැඩේ ප්‍රායෝගිකද කියලා හොයා බලන්නේ නැතුව ඔහේ කරන්නන් වාලේ කරන වැඩ නිසා අමාරුවේ වැටිලා ඉන්නේ ජනතාවයි. මැතිඇමති වරුන්ට ඒවා අදාළ නැහැ. මොකද ඒ ගොල්ලෝ කොහොමත් පින්බත් රජාලානේ... කිසිම සැලැස්මක් නැතුව වැඩ කරන්න ගිහින් දැන් මේ ආණ්ඩුව 69 ලක්ෂය ඇතුළුව මුළු රටටත් එපාවෙලයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයකවත් නැති එකයි.
ගුරුවරයෙකුට ස්මාට් ෆෝන් එකක් ගන්න කාගෙන්වත් ණය ඕනේ නැහැ. ඒ දෙය දුරකථන සමාගම් හරහා වාරික වශයෙන් ගෙවා ගන්නට පුළුවන්. හැකි ඉක්මණින් දුප්පත් දරුවන්ට ටැබ් ලබාදෙන්න. ඔබාතුමාලා පසුගිය රජයෙන් ටැබ් දෙන එකත් නැවත්වුවා.
ස්මාර්ට් දුරකථන වලට පෙර අන්තර් ජාල පහසුකම් යාවත්කාලීන කරන්න. 4G, 3G සිග්නල් අපට නැත.
ඔය ඔක්කොටම කලින් පෙළ පොත් නැති පාසල් වලට පෙළ පොත් ටික දුන්නා නම් ඔවුන් පෙළ පොත හරි කියවලා ටිකක් ඉගෙන ගනියි.
ගුරුවරුන්ට අමුතුවෙන් ණය දෙන්න ඕනේ නැහැ.. ටියුෂන් පප්පලා අපේ රටේ ඉන්නේ...
ගුරුවරයා සදාකාලික ණයකාරයෙකි... !!!
දැන්ද මතක් වුණේ? හොඳ ගාණක් කොමිස් අතේ...
යහපාලනේ කාලේ රනිල් මහත්තයා පාසැල් ළමයින්ට නොමිලේ ටැබ් දෙන්න හදනකොට ඔහෙලා ඒක කෝචොක් කරලා පොල්ල දාපු හැටි දැන් අමතකද?
කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටුණු සාම්ප්‍රදායික අධ්‍යාපනයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූයේ ඔන් ලයින් හෙවත් දුරස්ථ අධ්‍යාපනය වේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙම විකල්පය ගළපාගත හැකිද යන ප්‍රශ්නය මගහැර යා නොහැක. දුරස්ථ අධ්‍යාපනයට ස්මාට් ජංගම දුරකථනයක් අවැසිය.