(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් විශාල පිරිසකගේ බලපෑම් මත එහි යන්නට තීරණය කළේ අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුවේ ජනප්‍රිය බව කෙටි කලක් තුළ ශීඝ්‍රයෙන් කඩාවැටෙමින් තිබුණත් පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් තවමත් විකල්පයක් ඉදිරිපත් කර නොතිබීම භයානක තත්ත්වයක් බව කී වික්‍රමසිංහ මහතා එවැනි අවස්ථාවක රට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේදැයි සලකා බැලිය යුතුව තිබෙන බවද සඳහන් කරයි.
මෙවැනි දේශපාලන පසුබිමක් තමා මීට පෙර දැක නැතැයිද වික්‍රමසිංහ මහතා කීය.සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදී හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දැනගෙන හිටියා.., බලලෝභීන් මැරුණත් ඕක දාලා යන්නේ නෑ කියලා.. ඔබතුමා ඕකට නාවානම් තමයි නිවුස් එක...
යහපාලන ආණ්ඩුව තමයි රනිල්ට UNPය සහ රට ගොඩගන්න තිබුණු මහඟු එකම අවස්ථාව. බැඳුම්කරෙන් UNPය නැත්තට නැතිකරලා මෛත්‍රීපාලටත් විනකරලා, JVP ගෙනාපු නඩුවලින් ඔක්කොම හොරු ටික බේරලා, UNPය සජිත්ට නොදී යනඑනමන් නැනැතිකරලා, මුලු රටම අමාරුවේ දාලා, දැන් එනවා මෙතන පාර්ලිමේන්තු යන හේතු කියන්න. දෙයියන්ගේ නාමෙන් නහින දෙහින කාලේ යන තැනට දෙයක් කරගෙන පව් නොදී ගෙදරට වෙලා ඉන්න.
මෙච්චර දවසක් කවුරුවත් නම් නොකෙරුවේ මොකද දන්නෑ නේද...?
විශාල පිරිසක් කිව්වේ ගියපාර ඡන්දෙ දුන්නු අතිවිශාල ජනසන්නිපාතය විය යුතුයි.
තවත් වෙට්ටුවක්...
මිනිස්සු තේරුම් ගත යුත්තේ වෙනස්වන තත්වයන්ට සුදුසු නිවැරැදි ආර්ථික සැලැස්මක් නොමැති හෙයිනි. මේ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. ආර්ථිකයේ ප්‍රාථමික අතිරික්තයක් තිබී ඇත්තේ 1956, 1957 හා 2017, 2018 වසර වල පමණයි. (ප්‍රාථමික ගිණුමේ ශේෂය = රාජ්‍ය ආදායම - රාජ්‍ය වියදම ණය පොලිය හැර). එසේ නම් වැදගත් වෙන්නේ නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දිගුකාලීනව ආර්ථික සැලැස්මක් සහිතව වැඩ කිරීමයි. එහිදී නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට වැදගත්ය... වෙන කිසිවකින් රට නිවැරදි දිශාවකට මෙහෙයවිය නොහැකිය...
ඔබට තවම නොතේරෙනවද? අද මේ කරන්නේ මිනිස් වර්ගයට කරන නිගාවක් බව...
කිතුලට නැගපු එකාටත් හේතුවක් තිබුණා...
වෙන මොකක්ද? කෑදරකම මිසක්. ඔවුන් 225ක එකයි. හොරු...
මෙයා මේ පාර එන්නේ මැදමුලන හොරුන්ගේ ඉල්ලීමකට. දැන් රට කඩා වැටිලා, විනාශවෙලා, ජනතාව පීඩනයට පත්වෙලා ඉන්නේ. මේ පාවාදෙන්නා දියවන්නාවට ගෙනැල්ලා, සජිත්ගේ කට්ටියට සල්ලි මලු පෙන්වලා එයාගේ පැත්තට ගන්න එක ප්ලෑන් එකේ කොටසක්. ඉන් පසු මෙයා විපක්ෂ නායකයා වෙනවා. පවතින පීඩනයට මුහුණ දීගන්න බැරි ආණ්ඩුව රට අස්ථාවර වෙන්න හැරලා පැනලා යනවා. විපක්ෂ නායකයා ඒ මොහොතට බලය ගන්නවා. මිනිස්සු පාරට බැහැලා පොලු මුගුරු අරගෙන හොරුන්ව හොයනවා සම්බෝල හදන්න. රනිල් හමුදාව යොදලා මේ පාරත් ලෝක හොරුන්ව බේරා ගන්නවා. මේක වෙන්න පුළුවන් මේ කට්ටියගේ ප්ලෑන් එක. ඔය සිතන කිසිවක් මෙවර සිදුවෙන්නේ නැහැ. මිනිසුන් ඇත්ත හොඳින් තේරුම්ගෙන ඉන්නේ. සජිත්ගේ මිනිස්සුන්ව සල්ලිවලට ගන්න බැහැ.. ඒ අය රනිල්ව එපා කියලා ආපු අය. හැබැයි රටේ ප්‍රශ්නයක් වෙලා හොර රැල පැනලා ගියොත් ප්රශ්නය උග්‍රවෙලා මිනිස්සුන් රාජපක්ෂලාව විතරක් නොවෙයි, එදත් රාජපක්ෂලාව නොයවා ආරක්ෂා කළ රනිල්වත් සම්බෝල හදනවා...
නාකි වෙනකම් පාර්ලිමේන්තුවේ පොල් ගෑවාද? දැන් තමයි රට හදන්න මතක් වෙලා තියෙන්නේ... පිනට මන්ත්‍රීකමක් අරන්...
දෙවන හේතුව නම් ඇත්ත. ඒත් ඒකට හරියන පුද්ගලයා ඔබ නෙමෙයි. බලය තිබුණු කාලේ කළ වගකීම් පැහැරහැරීමේ ප්‍රථිපල තමයි මේ විඳින්නේ...
ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නෑ වගේ...
පුදුම පොරක්... මානසික ලෙඩෙක්...
තනිවී සිටින්නයි මා අදහස් කළේ... ඔබමයි සොයා ඇවිදින් ඒක වෙනස් කළේ...
2015 පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් ඡන්දෙකට යන්නේ නැතිව දින 100 ආණ්ඩු, ජාතික ආණ්ඩු සදමින් හොරු ආරක්ෂා කළා. ලබන ඡන්දෙදි අනිවාර්යයෙන් එජාපයේ 1% ක් බහිනවා.
අපාගත වෙන්න බැරිනිසා පාර්ලිමේන්තු ගතවෙනවා කිව්වා නම් විශ්වාස කරන්නත් තිබුණා නේද?
ජනතාවට වහකදුරු මෙන් තිත්ත වී ඇති රාජපක්ෂ පාලනය බේරාගැනීමට ඔවුන්ගේම වුවමනාවට තමයි රනිල් එන්න හදන්නේ. රනිල් ආ පමණින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවන්නේ නැත... ජනතා තීන්දුව දැන්නම් වෙනස් කිරීම අසීරුයි...
කවුද මේ ඩිස්ලයික් දමන අවාසනාවන්තයා...?