
(ඩී.ජි.සුගතපාල)
රුපියල් කෝටි 51ක් පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 728ක් තම මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි අත් අඩංගුවට ගත් දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා වැඩි දුර පරික්ෂණ පැවැත්විම සඳහා 24 දින දක්වා රැඳවුම් බාරයේ තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(19) සවස පොලිසියට අවසර ලබා දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබා දුන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය විසින් කරන ලද කරුණු දැක්විම සළකා බැලිමෙන් පසුවය.
මෙසේ රැඳවුම් බාරයට පත් කරනු ලැබුවේ දකුණු කලුතර පොලිසියේ අධිකරණ අංශය බාරව කටයුතු කරන ලද වාද්දුව පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උප පොලිස් පරික්ෂක ටි .සනත් කුමාර ද සිල්වා,කොළඹ 15 අලුත් මාවත පදංචි රාමයියා සම්මුගනාදන්,සහ ජාඇල ඒකල පාර පදිංචි යෝගරාජා අරුල්නාත් යන සැකකරුවෝ තිදෙනා වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් පිටින් එල්ලන්න ඕනෑ.
අප රටේ අනාගත පරපුර විනාශ කිරීමට ඍජුවම දායකවූ මෙම "කාලකන්නි පව්කාරයින්ගේ" නම්ගම් නොබියව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට දායක වූ සෑම නිලධාරියකුටම අපගේ ප්‍රණාමය පුදකිරීමට කැමැත්තෙමු. මෙවන් කාලකන්නින්ගේ නම්ගම් සමගම පැහැදිලි ඡායාරූපද මාධ්‍ය මගින් පල කිරීමට මෙම නිලධාරීන්ට නුදුරු අනාගතයේදීම හැකි වේවා...!!! මෙතෙක්කල් අවලම් ලෙස මුදල් උපයාගත් මොවුන්ගේ ඥාතීන් දූදරුවන්ට මොනතරම් ලැජ්ජාවක්ද? කර ඇත්තේ. අප තරයේ විශ්වාස කරනවා ඒ ඒ කාලකන්නියාගේ නම් ගම් එළිකිරීම මගින් මෙවන් පාදඩ වැඩ කරන පර බල්ලන් කිසියම් හෝ පසුබෑමකට ලක්වේය යන්න....