(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන් , සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇති සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු වෙළඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
දැනට වසා මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද එම නිවේදනයේ සඳහන් වේ .
සෙසු බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ .
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීමත් සමග සියලු මත්පැන් අලෙවිසල්ද සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව සුරාබදු ප්‍රධානීන් විසින් වසා දමනු ලැබීය .
ආරක්ෂක පියවරක් ලෙස සියලුම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තැබීමට ද පසුව පියවර ගන්නා ලදී.
මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්කොටුවේ වොඩ්කා අයත් පාරට බසීවිද? එහෙම වෙන එකක් නෑ. පසුගිය කාලේ හොඳට හම්බ කර ගත්තා.
මාර උනන්දුවක් නේ තියෙන්නේ... මේ බාර් ටික විවෘත කරන්න. ඕකෙන් ජනතාව තව ලෙඩ වෙනවා, නැතිවෙනවා, ගෙවල්වල කරදර, මරාගන්නවා.., ඕකනේ වෙන්නේ...
මේ සිංහල බෞද්ධ රටේ අරක්කු බීම සුදුසු නැහැ. මේවා තහනම් කරමු.
සූකිරි බටිල්ලන්ගේ අලුත්ම ගීතය .."සුමිහිරි පානේ - පදමට ගහලා..., කොරෝනා හැදිලා හෙට මැරුණත්, ඉමු ජොලි කරලා..."
කාලෙකට පස්සේ... දෙවියන් අපගේ මුහුණ බැලුවා...!!!
හෙට සිට රජයට කොටි 33.33ක් දිනකට එනවා. ඒ කියන්නේ මත්පැන් බොන අය රජයට දෙන දායකත්වය... මෙහෙම වෙන කවුරුත් ආණ්ඩුවට බදු ගෙවනවද?. ඒ නිසා බොන අයට "බොන විරුවා" කියමු.
උදයේ යමු බාර් අරින්න... මීටරේ පෝලිමක් හැදෙන්න.... වේලි වේලි ඉන්න අපට ලිකර් ලබා දෙන්න ... මහතුනේ.... අප රැකගන්න ...!!!
හමුදාපති මොනවා කියයිද මන්දා?
මොනවා ඇරියෙ නැතත් තැබෑරුම් අරින්න ලොකු උනන්දුවක් තියෙනවා. තැබෑරුම් ඇරීම මගින් රෝග ව්‍යාප්තියට උදව්වීමක්.
බළලා මල්ලෙන් එළියට පැන්නා...