(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි පසුගිය 5 වැනි දින සහ 7වැනි දින පිට පළාත්වලින් පැමිණි පිරිසකට ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිමේදී අතර මැදියකු ලෙස කටයුතු කළ බව කියන ගාල්ල කොටුවේ පදිංචි පුද්ගලයාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරිමට ද ඔහුගේ ජංගම දුරකතන වාර්තා ලබා ගැනිමට ද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්හර්ෂණ කැකුණවෙල මහතා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග ලබා දුන්නේය
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ පසුගිය 5 වැනිදින සහ 7වැනි දින කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සඳහා බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැමිණ ඇති බවට ලැබුන තොරතුරු අනුව පරික්ෂණ සිදු කරන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලිමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස හය, හතක මරණ එක දිනකට දාන අයගේත්, බැංකු ගිණුම් බලන්න වෙයි වගේ...