(සුජිත් හේවාජුලිගේ )
පාසල් හා පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ළමා රෝග විශේෂඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ස්වෙච්ඡා කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරියේදී බාරදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
පාසල් දරුවන්ට සති හතරකට කලින්වත් එන්නත් දෙක කෙසේ වෙතත් එක එන්නතක් හෝ ලබා දීමට කටයුතු සූදානම් කර ඇතැයිද අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පවත්වා ඇතැයි කී පෙරේරා මහතා වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද සඳහන් කළේය.
මේ වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායම පිළියෙල කළ වාර්තාව අමාත්‍යාංශයට බාරදී ඇති බවත් ඇමතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන ලේකම්වරයා කීවේය.
කොවිඩ් ව්‍යාප්තියත් සමගම දිවයිනේ සියලුම පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් දින නියමයක් නොමැතිව වසා දමනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා ෆේල්... ළමුන්ට ගෙදර ඉඳන් හරි ඉගෙන ගන්න පහසුකමක් ඇති කළේ නැහැ. රූපවාහිනියෙන් ඉගැන්නුවේ නැහැ. ඔන්ලයින් පහසුකම් වැඩිකළේ නැහැ. ඉන්ටනෙට් වියදම් අඩු කළේ නැහැ. මොනවද කළේ ළමුන් වෙනුවෙන්තතත නිකන් හිටියා...
මහදැනමුත්තාට දෙනවට වැඩිය හොඳයි 10 පංතියේ ළමයෙකුට ඕක දෙන්න.
කොහොමද ඔන්ලයින් කොන්ත්‍රාත්තුව... සම්පූර්ණයිද?
පාසල් ආරම්භ කිරීම අද හෙට සිදු නොවන බව පැහැදිලියි. දැනට මාස 18 ක් තිස්සේ බොහෝ පාසල් අවිධිමත් අයුරින් මාර්ග ගත අධ්‍යාපන කටයුතු දරුවන් සම්බන්ධ කරගනිමින් පවත්වයි . මෙහි මුලික අඩුව වන්නේ මෙතරම් කාලයක් ගත වුනත් මෙම ක්‍රියාවලිය සියලු පළාත් එකසේ විධිමත් ලෙස නියාමනය නොවීමයි.