(තිස්ස කොටින්කඩුව)
වත්තල හේකිත්ත ප්‍රදේශයේ ඇති මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකට සිදු කළ රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකින් 128 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇතැයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසීය.
සේවකයන් 194 කුට මෙම ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර ඇත.
එම රෝගින්ගෙන් 92 නෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරයි.
මේ වන විට අදාල කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමීමට කටයුතු යොදා ඇති අතර හදුනාගත් කොරෝනා ආසාදියන් ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවත් කමිහලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට කළ බවත්ව ත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමාගමකට අනුබද්ධිත දිගු කලෙක සිට වත්තල හේකිත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන යන මෙම යකඩ කර්මාන්ත ශාලාවේ සේවකයන් අතරින් බහුතරයක් ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 17
51
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වත්තල යකඩ කර්මාන්ත ශාලාවක 128කට කොරෝනා
kapila Sunday, 20 June 2021 12:01 AM
ඩෙල්ටාද?
chandima Sunday, 20 June 2021 05:35 AM
ඉන්දියානු කම්කරුවන් වැඩකරන සමාගම් අපේ රටේ පවත්වාගෙන යද්දී අපේ රටට ඉන්දියානු වෛරස ප්‍රභේදය පැතිරීම පුදුමයක් නොවේ..
Akila Sunday, 20 June 2021 11:13 AM
ඔය තියෙන්නේ ඩෙල්ටා... මේ ගොල්ලන්ව මෙච්චරකල් අවධානයට යොමු නොවුණේ ඇයි?
Don Sunday, 20 June 2021 02:59 PM
පිටරටින් කර්මාන්ත ගේන්නේ ලංකාවේ මිනිස්සුන්ට ජොබ් දෙන්න නේද?