(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින් හට ලබා දුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීමය.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් පිරිිිසෙන් බහුතරයක්ම ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින්ය.
කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මෙම කම්කරු සේවකයින් ඇතුළු කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේවනවිට ලබාදී ඇති බවද වාර්තා වී ඇති ආසාදිතයින් අතරේ එම එන්නත ලබාගත් කොපමණ පිරිසක් සිටිනවාදැයි සොයා බලමින් සිටින බවද කුරුණෑගල සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරිිියෙකු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිෂීල්ඩ් කියලා මොනවා ගැහුවද කියලා කවුද දන්නේ?
ඇත්තෙන්ම මේ දෙන එකම එන්නතවත්, කොරෝනා රෝගය නොහැදෙන්න දෙන බෙහෙත් නොවේ.. මේ එන්නත්වලින් කෙරෙන්නේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩිකරන එක... ඒ ඇරෙන්න, ඒ එන්නත් ගත්තා කියලා, කොරෝනා හැදෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා නම් ඒක මහා මෝඩකමක්. මේවා ගැන පහදා දෙන්න සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් බැරිද?
සයිනෝෆෝර්ම් හැම අතින්ම හොඳයි වගේ. අතුරු ආබාධ අඩුයි. 100%ක් මැරෙන එක නවතිනවා. සයිනොෆෝර්ම් නැතිනම් අද වෙනකොට ගොඩක් දෙනෙකුට වැක්සීන් නැහැ මේ වෙනකොට... චීන රජයට හා ජනපතිට ස්තුතියි...!!!
ඕක ඉන්දියාවෙන් නිකන් දුන්නේ ඇයි කියලා හිතලා බලන්න. ඕක පරීක්ෂණ තත්වයේ තියෙන කොට දුන්නේ ටෙස්ට් කරන්න අපිට නිකන්... හේතුව ආදරේට නොවේ. වෙන හොඳ බෙහෙතක් තමයි දෙන්න ඕනේ...
"පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේ වනවිට ලබාදී ඇති බවද වාර්තා වී ඇති" හමුවුණු කොවිශීල්ඩ් සියල්ල කුරුණෑගලද? නැත්නම් පෙරේරා මහතාගේ අදහස මටත් සිතේ...
එන්නත් ගත් අයගේ ශරීරයේ වෛරසය තිබෙන්නට පුලුවන්. නමුත් ඔවුන්ට ජීවිත අවදානමක් වෙන්නේ නෑ. නිසි තොරතුරු සොයා නැවතත් මෙම ප්‍රවෘත්තිය යාවත්කාලීන කරන්න. නැත්නම් ජනතාව නික්ෂේපන කෙරෙහි ඇති විශ්වාසය බිඳ ගන්නවා..
අහන්නත් දෙයක්ද? ඇස්ට්‍රාසෙනිකා ඉන්දියන් නිෂ්පාදනයක්නේ.... ඒ ගොල්ලන්ගේ කසිකබල් ටෙලිනාට්‍ය වගේ ඇති. සෝබනේ විතරමයි..
අපේ රට කෙලින් හිටගන්නවාට අකමැති රටක් තමයි ඉන්දියාව කියන්නේ... කොවිෂීල්ඩ් එන්නත ලෝකයේ අනික් රටවල ඉහළ සාර්ථකත්වයක් ලබාගෙන තියන එන්නතක්... මේ අය අපිට මොනවා එවලා තියනවද දන්නෑ. චීනයට ලංකාව දේශපාලනික වශයෙන් කෙලින් හිටගැනීම අවශ්‍යයි. ඒ නිසා සයිනෝෆෝර්ම් ඵන්නත ඔරිජිනල් තත්වයෙන්ම අපට එවා අැති බව සීයට සීයක් පිළිගත හැකිය.
කරාපිටියේ කරලා අරන් සුව වුණු දහස් ගාණක් ඉන්නවා. දොස්තරලා මේකට විරුද්ධයි.. තවත් ආයුර්වේද බෙහෙත් තියෙනවා..
එන්නත් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සැලකිය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒවා සැලකිල්ලට ගන්නේ නැතිව කටයුතු කළාම එන්නත් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
මෙතන තමයි රටට විතරක් නෙවෙයි ලෝකෙටම වැරදුණු තැන... PCR වුණාට ලෙඩෙක් කියලා රෝහලට ගෙනියනවා. නමුත් වෙනත් රටවල් මේ ක්‍රමය වැරදියි කියලා තේරුම් අරන් PCR අයට කිසියම් හෝ රෝග ලක්ෂණ නැත්නම් ගෙදර ඉන්න සැලැස්සුවා. අමාරු අය පමණක් රෝහල්ගත කළා. තාම ලංකාවට ඒක කරගන්න බැහැ. PCR නම් උස්සන් යනවා. කොවිෂීල්ඩ් නෙවෙයි මොන එන්නත ගත්තත් කොවිඩ් PCR වෙන්න පුලුවන්. නමුත් ඒකට අදාළ ප්‍රතිශක්තිය එන්නත මගින් ශරීරය තුළ තිබෙන නිසා බරපතල ලෙස රෝගීවෙන එක යම්තාක් දුරකට වැළකෙනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. එන්නත ගන්න එක 100%ක් දඩාවතේ යන්න දෙන ලයිසන් එකක් නොවේ...
මෙහි කමෙන්ට් දාපු විදියෙන් තෙරෙන්නේ එන්නත ගැන ජනතාවට අවබෝධයක් නැති බවයි. ජනතාවට නියම අවබෝධයක් ලබා දීමට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක විය යුතු බව පේනවා..
එන්නත් ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී නිසි උෂ්ණත්වයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්.. එහෙම නොකළොත් එන්නත විනාශ වෙනවා.