(විනීතා එම් ගමගේ)
මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි ව කැස්බෑවුන් මිය ගොස් ඇති බවට එම සිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි.
මේ වනවිට සත්ව ශරීර විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි කි අමාත්‍යවරයා ඒ සියල්ල පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන බවත් ඒවායෙන් හෙළිවන තොරතුරු මත වැඩිදුර පරික්ෂණ සඳහා ද අමාත්‍යංශ්‍ය සූදානම් වන බව සඳහන් කරයි.
සමුද්‍ර ජීවින් අයත් වන්නේ වනජීවී අමාත්‍යංශයට බවත් ඒ අනුව මෙම සිද්ධිය පිළීබඳ පුළුල් පරික්ෂණ සඳහා පියවර ගන්නැයි අදාල අංශවලට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම පරික්ෂණ සඳහා මෙරට ඇති පර්යේෂණාගාර ප්‍රමාණවත්නොවන බැවින් මිය ගිය සතුන්ගේ සාම්පල කොටස් සිංගප්පූරුවේ පර්යේණාගාරයකට යැවීමට සූදානම් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සීබී ඇමතිතුමාගේ කතාව හරියටම හරි ඇති. එතුමා වනජීවි හා ජලජීවි ගැන කෙළ පැමිනි කෙනෙක්නේ... ගොඩ ඉන්න හේවා අැමැතිතුමා ... නමින්ම සුදුසු වනජීවියටයි..
සීබී ඇමැතිතුමා යනු තම ජීවිතයෙන් විශාල කොටසක් කැස්බෑවුන් පිළිබඳව අධ්‍යයනය සඳහා කැපකළ උගතෙකි. නමුත් ඔහු මේ කියන අදෘශ්‍යමාන තෙල් තට්ටුව තිබෙන්නේ කොහේද කියන එක මට වැටහෙන්නේ නැත.
සමුද්‍ර ජීවීන් අයිති වනජීවී අමාත්‍යාංශයට බව මේ ඇමති තුමා දැන දැනත්, නැවේ විපත සිදුවීම ආරම්භයේදී ඒ ගැන කිසියම් දෙයක් නොකළේ මන්ද? දැන් කරනා මේ නියෝග වලට වඩා එසේ පෙරදී යමක් කළා නම් කොපමණ අගනේද? මෙතුමාත්, රෝහිත ඇමැතිතුමා වගේ වරාය හා නාවුක කටයුතු ගැන, සාගර ජීවීන් ගැන, හොඳ පරිණත දැනුම් සම්භාරයකින් හෙබි උගත් අයෙකු බව පෙනේ. මේ තරම් දක්ෂ දේශපාලක ඇත්තන්ගේ වටිනා උපදෙස් අනුව ක්‍රියා කරලත්, නැවේ ගින්න නිවා ගැනීමට මේ නිළධාරීන්ට නොහැකි වුණා.
මේ රටේ පාලකයින් කියන පට්ට මෝඩයින් තවමත් ළිං මැඩියන්ගේ මානසිකත්වයේ සිටීම පුදුමයක් නොවේ. සිංගප්පුරුව කියන්නේ ඔය විනාශවුණු නැව අයිති රට... ඒ රටේ ප්‍රතිපත්ති අනුව කිසිලෙසකින්වත් නැව අයිති කොම්පැනියට අවාසි වන විදිහට ඔය විද්‍යාගාර වාර්තා දෙන්නේ නැහැ... අනිවාර්යයෙන්ම අපේ රටෙන් දෙන 'පාලක' ( C ) සාම්පලය වෙනස් කරයි. එ් නිසා මේ පරීක්ෂණ සඳහා සිංගප්පූරුව දායක කර නොගත යුතුයි. මේවා පාසල්යන චූටි ළමයින් පවා දන්නා කරුණු වුණත්.., ඔය දියවන්නාවේ සිට රටේ මිනිසුන්ගේ ලේ උරාබොන මිනීමරුවන්ට නොවැටහීම පුදුමයක් නොවේ. කුකුල් හොරකමේ ගිය, හොර පොල් කඩන්න ගස් බඩගාපු, කෝච්චියේ මාල කඩපු... පට්ට හොරුන්ට මේවා ගැන වැටහීමක් නැත...
නැව අයිතිත් සිංගප්පූරුවට... පරීක්ෂා කරන්න යවන්නෙත් සිංගප්පූරුවට...
සමුද්‍ර ජීවීන් විතරක් නෙමෙයි, රටේ මිනිස්සුත් හතර වටේට මැරිලා යන්නේ... ඔය බඩතඩි තුට්ටු දෙකේ වැඩක් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීලා නිසා තමයි. නොදකින් විතරක්...