(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පාලන කටයුතු සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසිදාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙම මුදල් වෙන් කෙරෙන්නේ කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීම සහ කොවිඩ් වසංගතයෙන් බලපෑම් එල්ලවූ කණ්ඩායම් හා ආර්ථික අංශ සඳහා සහන සැලසීම සඳහා යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය .
මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක පමණ මුදලකැයි සඳහන් වේ .
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාව සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමේ වැඩපිළිවෙළක් රජය දැනටමත් අරඹා ඇත .
මේ අතර පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා රැස්වීමට නියමිතය . එම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා (21) පැවැත්වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරී ෂෝක්. අර සැප වාහන ගෙන්වන්නත් දැන් සල්ලි ඇති නේද ?
එන්නත් ගේනවා පොඩ්ඩ පොඩ්ඩ. ස්පුට්නික් 15,000,50,000. ඔහොම ඇතිද..? ඇයි ස්පුට්නික් වෙන රටවලට මිලියන ගණන් දෙද්දී මෙහෙට සොච්චම් දෙන්නේ..? අන්න කියුබාවේ එන්නත් 05ක් හදලා දෙකක් දැනටම පාවිච්චි කරනවා. ඒ මිනිස්සු එක්ක සාකච්ඡා කරලා ටිකක් ගෙන්න ගන්නවලා.. සමාජවාදි රටක් නිසා අපට උදව් කරයි.
කොරෝනා කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න දෙන්නෙත් නෑ. එන්නත් හදන රටවල්, අපි බිංදුවටම වට්ටන්න තමයි ආණ්ඩුව හදන්නේ. ආණ්ඩුව අවුරුදු 05ක් ඉඳලා යයි ගාණ හොයාගෙන ජීවිත කාලයටම... රට විවෘත කරන මිනිස්සු සල්ලි හොයාගනිවි...
කොරෝනා අරමුදලට මොකද වුණේ..?
බලන්න හොරාකන හැටි... අපේ රට අගාධයට ගෙනියන අයට සාපවේවා..
ඔන්න හොර කාලකන්නි දේශපාලුවන්ට ඉල්ලමක් කොරෝනා අස්සේම පාදාගන්න හදන්නේ.