
(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය
මේ බව තහවුරු වීම නිසා කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
එසේම සිංහ දූපතේ සිංහ ධේනුවද කිසියම් මැලවුණු ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ධේනුව ගැනද සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙති.
සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ සත්වයකු සහ සීබ්‍රා පැටවකු මීට දින කිහිපයකට පෙරදී හදිසියේම මිය ගොස් ඇති අතර එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතින බව එහි නිලධාරීහු පවසති.
පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එම සිංහ දූපතේ සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
ඔවුන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමටද කටයුතු යොදා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමතිවරයා පැවැසී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට බොහෝම පරිස්සම් වෙන්නට වෙයි වගේ... බල්ලන්, පූසන් ආදී සතුන් ගැන විමසිල්ලෙන් සිටින්න වේවි..!!!
අප අතිශයින් සැලකිය යුතු කරුණකි මෙය.., දැනට සතියකට පමණ පෙර හොංකොං වල කෝවිඩ් විකෘර්ති ප්‍රභේදයක් සොයාගන්නා ලදී.. ආසාධිත පුද්ගලයා පිළිබඳව දීර්ඝ ලෙස සොයාබැලූ මයික්‍රෝ බයලොජිස්ට් අවසානයේ තහවුරු කළේ වෛරසය ගෙදර සීතකරණයේ තබා තිබූ කිඹුල්මස් වලට කෝවිඩ් වෛරසය ආසාදනය වී එය පරිභෝජනය කළ පුද්ගලයින්ට වැළදී ඇති බවයි. එ්ක නිසා අප විමසිල්ලෙන් ආරක්ෂාව ගැන කටයුතු කළයුතුයි...
ඔය ඉතින් අපි මොක්කුද? පේනවා නේද සිංහයින්ටත් වෙලා තියෙන දේ...?
ඕක තමයි ප්ලෑන් අංක 02... ගෙදර දොරේ ඉන්න සත්තුන්ට වැක්සීන් ගහන්න කොරෝනා කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ.
ඔය හදන්නේ සත්තුන්ටත් වැක්සීන් හදලා මුදල් හම්බකරගන්න. කොරෝනා කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ බටහිර වෛද්‍ය ආයතන...
මෙ දවස්වල කොහොමත් සිංහයින්ට කලදවස හොද නැහැ
කොඩියේ සිංහයා මකරා කරන්න තමයි ඔය එන්නේ. ඔය ගැටේටනම් අහුවෙන්න එපා.