IMG-LOGO

දෙහිවල සතුන් වත්තේ සිංහයකුටත් කොරෝනා

(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය

මේ බව තහවුරු වීම නිසා කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

එසේම සිංහ දූපතේ සිංහ ධේනුවද කිසියම් මැලවුණු ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ධේනුව ගැනද සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙති.

සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ සත්වයකු සහ සීබ්‍රා පැටවකු මීට දින කිහිපයකට පෙරදී හදිසියේම මිය ගොස් ඇති අතර එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතින බව එහි නිලධාරීහු පවසති.

පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එම සිංහ දූපතේ සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

ඔවුන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමටද කටයුතු යොදා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමතිවරයා පැවැසී ය.

 



අදහස් (8)

දෙහිවල සතුන් වත්තේ සිංහයකුටත් කොරෝනා

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 June 2021 01:09 PM

අපට බොහෝම පරිස්සම් වෙන්නට වෙයි වගේ... බල්ලන්, පූසන් ආදී සතුන් ගැන විමසිල්ලෙන් සිටින්න වේවි..!!!

:       2       32

vikum Friday, 18 June 2021 01:29 PM

අප අතිශයින් සැලකිය යුතු කරුණකි මෙය.., දැනට සතියකට පමණ පෙර හොංකොං වල කෝවිඩ් විකෘර්ති ප්‍රභේදයක් සොයාගන්නා ලදී.. ආසාධිත පුද්ගලයා පිළිබඳව දීර්ඝ ලෙස සොයාබැලූ මයික්‍රෝ බයලොජිස්ට් අවසානයේ තහවුරු කළේ වෛරසය ගෙදර සීතකරණයේ තබා තිබූ කිඹුල්මස් වලට කෝවිඩ් වෛරසය ආසාදනය වී එය පරිභෝජනය කළ පුද්ගලයින්ට වැළදී ඇති බවයි. එ්ක නිසා අප විමසිල්ලෙන් ආරක්ෂාව ගැන කටයුතු කළයුතුයි...

:       3       15

chandima Friday, 18 June 2021 02:43 PM

ඔය ඉතින් අපි මොක්කුද? පේනවා නේද සිංහයින්ටත් වෙලා තියෙන දේ...?

:       2       10

කල්පනා Saturday, 19 June 2021 11:48 AM

සංචරණ සිමා උල්ලඝනය කරාද දන්නැ

:       1       3

Sri Lanka Friday, 18 June 2021 03:31 PM

ඕක තමයි ප්ලෑන් අංක 02... ගෙදර දොරේ ඉන්න සත්තුන්ට වැක්සීන් ගහන්න කොරෝනා කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ.

:       15       5

Sri Lanka Friday, 18 June 2021 04:21 PM

ඔය හදන්නේ සත්තුන්ටත් වැක්සීන් හදලා මුදල් හම්බකරගන්න. කොරෝනා කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ බටහිර වෛද්‍ය ආයතන...

:       49       10

MOHOMED AGARAPATANA Saturday, 19 June 2021 02:27 PM

මෙ දවස්වල කොහොමත් සිංහයින්ට කලදවස හොද නැහැ

:       0       2

siri Saturday, 19 June 2021 02:30 PM

කොඩියේ සිංහයා මකරා කරන්න තමයි ඔය එන්නේ. ඔය ගැටේටනම් අහුවෙන්න එපා.

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site