(සුජිත් හේවාජුලිගේ)
සංචරණ සීමාවලින් ඉවත් වීමට අදාළ ක්‍රමෝපායන් සකස්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මෙම ක්‍රමෝපායන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
නීතියෙන් කිරීමට වඩා ජනතාව මෙහි ඇත්ත වගකීම තේරුම් ගෙන සංචරණ සීමා ආරක්ෂා කර ගැනීම වැදගත් බවත් එසේ නැතුව මුර කිරීමේ ක්‍රියාවලිය සාර්ථක නොවන බවත් හේරත් මහතා පැවසුවේය.
මුර කිරීමේ ක්‍රියාවලිය බර වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එය නොපවරන ලෙස ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍යවරයා අනෙකුත් ආයතනද මෙහි වගකීම බාරගත යුතු බව ප්‍රකාශ කළේය.
දෝෂ දර්ශන පමණක් සෞඛ්‍ය සේවයට එල්ල වුවහොත් සෞඛ්‍ය සේවකයන් මේ දක්වා කරපු කැප කිරීම්වලටත් එය හොඳ නැතැයි ද හේමන්ත හේරත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අරින්නද හදන්නේ ... එහෙම නැතිනම් ..?
දැන්වත් බොරු මාධ්‍ය සංදර්ශන අයින් කරලා රට විවෘත කරන්න. රටේ ආර්ථිකයට කෙළින්ම වගකියන්න ඕනෑ රට වහන්න කියපු අය... කොරෝනා කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ.