(රංජන් කස්තුරි)
අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මැත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.
එම වැඩපිළිවෙළට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ අතර ඒ සඳහා කොවිඩ් - 19 වයිරස පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය අද පස්වරුවේ ලැබීමට නියමිත බව ද ගුණසිරි මහතා කියයි.
ඔන්ලයින් හරහා ඇණවුම්කරන්නන්ට මත්පැන් අලෙවි කිරීම දැඩි කොන්දේසි 13ක් යටතේ සිදුකරන බව ද සුරාබදු කොමසිරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
එක් පුද්ගලයකුට ඇණවුම් කළ හැකි උපරිමය විදේශ මත්පැන් ලීටර් 12ක්, බියර් ලීටර් 12ක් සහ දේශීය නිෂ්පාදිත මත්පැන් ලීටර් 5ක් ලෙස සීමාකර තිබෙන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත සංකල්පයේ අලුත්ම ප්‍රවෘත්තිය.
ඒ හොඳටම ඇති දෙයියෝ...!
මිනිස්සු බොන්න ඕනෑ. ඒක ඇත්ත... ඒත්, මේ ලෝකේ පුරා බෝවෙන වසංගතයට මත්පැන් බීම නිසා ප්‍රතිශක්තිය හීනවෙන බව විද්වත් මතයයි. රජයට ඕනේ මත්පැන් විකුණාගෙන බදු මුදල් ටික ගන්නයි. නැතුව මේ ඔන්ලයින් ක්‍රමේට ඒවා දෙන්නේ රටේ ජනතාව ගැන හිතලා නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය හීනවෙලා ඒ මිනිස්සු මකබෑවෙලා ගියත් කමක් නැහැ. මත්පැන් ටික විකුණා ගත්තොත් ඇති. මේ වෙලාවේ අඩුම තරමේ තමන් ගැනවත් හිතන්නේ නැති මිනිසුන් මේ සත්‍යය දන්නවා නම්, මේ විදිහට බීමට ඇබ්බැහි වෙන එකක් නැහැ.
කෝ මේ මහනායක, නායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා..? නිකමට මතක් කරේ... අර සුගතදාස ක්‍රීඩාංගණයේ ධර්මපාලතුමාගේ නම විකුණලා මහා රැස්වීමක් තියලා පොරොන්දු පත්‍රයක් දුන්නා මතකයි. ඒකෙත් අර රුවන්වැලි මහාසෑය ඉස්සරහදී දුන්නු පොරොන්දුවලත් අර "දැක්ම" පොතෙත් මේ වැඩේ ඇතුළත්වෙලා තිබුණාද?
මේක තමයි තිබුණු එකම අඩුව... ඒකත් සැපිරෙව්ව එහෙනම්... මරණ බයේ ඉන්න මිනිස්සුන්ට, මරණ බය නැති කරන්න වෙන්න ඇති. මෙහෙමත් ආණ්ඩු...
පොඩි එකෙක්ට ඉගෙන ගන්න වංචාව නැතිව ඔපරේටර්ලාට කියලා ඩේටා ටික දෙන්න බැහැ... දවසින් ඔන් ලයින් අරක්කු නම් දෙන්න පුළුවන්..
පිස්තෝල, ග්‍රෙනේඩ් , ගල්කටස් එහෙම ඔය විදියට එවන්න බැරිද සෑර්...?
වැඩි පිරිසක් අපගේ මෙම අදහස් කියවා බලා අපගේ දෙමව්පියන්ටද පින් අනුමෝදම් කරනු ඇත. එනමුත් කිවයුතු දේ කිවයුතුමයි. එනම් රැකියාව කරන සෑම තත්පරයකදීම තම සසර ගමනට යහමින් පව් එකතුකර ගන්නා රැකියාවලින් ඉහළින්ම තිබෙන්නේ මෙම ආයතනයේ රැකියාවන්ය.
සමහර වෛද්‍යවරුන් මත්පැන් නිසා ප්‍ර්‍රතිශක්තිකරණය අඩුවෙනවා කියා කෑ ගහනවා. නමුත් ඔවුන්ගේ සුවිශාල මන්දිර තුළ කුඩා මත්පැන් ගබඩා පවත්වාගෙන යනවා. එසේම ඇතැම් දේශපාලන බලවතුන් හා ඉහළ රාජ්‍ය නිලධාරින්, ව්‍යාපාරිකයින්ද ඉහත ආකාරයට කටයුතු කරනවා. මොන සංචරණ සීමා දැම්මත් කල් ඇතිව තම මත්පැන් අවශ්‍යතාවය ඉටුකර ගන්නවා. තවද ප්‍ර්‍රතිශක්තීකරණය අඩුවුවත්, නැතත් බොන පුද්ගලයා කෙසේ හෝ බොනවා.. මත්පැන් මේ රටට අනවශ්‍ය නම් සුරාබදු පනත අවලංගුකර රට පුරා ඇති සුරාසැල් වසාදැමිමට රජය කටයුතු කළ යුතුයි. රාජ්‍ය ආදායම තවදුරටත් බිඳවැටී ආර්ථිකය කඩා වැටිම වළක්වා ගැනීම රජය සතු වගකීමකි...
දැන් තියෙන ලොකුම අවශ්‍යතාවය ඔන්ලයින් හරහා අරක්කු ගන්න එකද? බොහෝ ළමයින්ට ඔන්ලයින් හරහා අධ්‍යාපනය කරගන්න පහසුකම් නැතුව ඉන්න එකද?
පොඩ්ඩක් උඩ බලන්න. අන්න අරක්කු හොරා කියනවා ඕකට ඉඩ දෙන්නේ නෑ කියලා.