(ටෝනි කරුණානායක)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 30 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියම කළේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කළ එම ඇප නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැතිවීම හේතුවෙන් මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට තැබීමට එසේ නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හෙන ගහන අපරාධ..! ඇයි මේ වගේ අවංක නිලධාරින්ගෙන් පළිගන්නේ... මේවාට මේ කරන එවුන්ට පොලිත් එක්ක ගෙවන්න වෙයි ඉක්මණටම...
මේවාට කවදාහරි රිටර්න් හම්බ වෙයි.
අබේවික්‍රම මහත්මාණෙනි, රාමනායක මහත්තයා නිවැරැදියි කියලා හිතෙන්නේ මට විතරයිද?
අපේ රටේ අධිකරණය තමයි දූෂිතම ආයතනය. 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ඒ්ක හොදටම පැහැදැලියි
"ශානි අබේසේකර මහතාට සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කළ එම ඇප නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැතිවීම හේතුවෙන් මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට තැබීමට එසේ නියම කෙරිණි." වැරැද්දක් කළත්, නැතත් මේවා නම් මහ පව් වැඩ... ඇප දීලත් ඇප ගන්න බැහැ.. සිස්ටම් එකේ තියෙන අඩුපාඩු නිසා...