(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා පරීක්ෂණ වාර්තා ලබාගෙන ජෛව බුබුළු ක්‍රමය යටතේ පැමිණෙන විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා සත්වෝද්‍යාන විවෘත කිරීමට තීරණය කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය වගකීම භාරගෙන අවශ්‍ය කටයුතු කළ යුතු වන බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මෙරට සත්වෝද්‍යාන පිහිටා ඇත්තේ දෙහිවල ,පින්නවල සහ අම්බලන්තොට රිදියගම යන ප්‍රදේශවලය .
එවැනි ක්‍රමයට පැමිණෙන සංචාරකයන්ට සත්වෝද්‍යාන නැරඹීමට අවස්ථාව දුන්නද සතුන්ට ලංවී කිරි පෙවීම සහ අත ගෑම වැනි කටයුතුවලට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවද විමලවීර දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ස්වදේශිකයන්ට.....?
මෙතුමාට එක් ස්ථානයක් අමතක වෙලා... "දියවන්නාව"