
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අද (14) එක්වූ බව පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.
ගම්පොල නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ,මහනුවර මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ උඩ පළාත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
ගම්පොල නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක් එක්ව සිටින බව ද මහලේකම්වරයා පැවසීය.
මෙලෙස එකතු වූ මන්ත්‍රී පිරිස ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තම තීරණය පිළිබඳ කරුණු හෙළි කිරීමට නියමිතව ඇතැයිද මහලේකම් රංගේ බණ්ඩාර මහතා කීය .
සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සඳහා ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැහි ගෑණි මොකද? හොටු ගෑණි මොකද?
ඔබලාට තිබුණේ 3%ක් පමණි.. ඉදිරියට ඒකත් නැතිවෙනවා. කවුද කැමැති ගිලෙන නැවේ ඉන්න...?
දෙගොල්ලන්ම එකයි.. වසර 73ක් රට පාලනය කලේ වරින්වර ජනතාව රවටා වසර පහෙන් පහට මුලුරටම විනාශකල නරුම පාලකයිනි, දැන් හොඳටම ඇති නිදහස ලැබ 03 වැනි පරම්පරාව අද ලෝකෙටම ණය කාරයින්ය. රටේ සම්පත් වරින්වර විකුණා දමන කාලකණ්නි නුඹලාට යහපතක් නොවේවා... ලෝකේ කිසිම රටක මේ තරම් මීහරක් සිටින රටක්ද නැත. රැවටීමට, වංචාවට හසුවී තම රට හොරුන්ට, මංකොල්ල කාරයින්ට රට පාවාදූන්නේය.. ඒ මෝඩකම හා දිළිඳුකම නිසාමයි කාලකණ්නි පාලකයින් ජනතාව දිළිඳුන් බවටම පත්කරති. දෙගොල්ලන්ටම මේ කළ අපරාධ වලට හෙණම වැදියව්...
ලංකාවේ මෝඩ මිනිසුන් වැඩිම රටක් ලෝකේ කිසිම රටක තම ඡන්ද අයිතිය පාවා නොදෙන්නේය. වසර 73ක් දෙමාරුවට රට පාලනය කලේ හොරු මංකොල්ල කාරයෝය. බොරු කාරයෝය. අද මුලු ලෝකෙටම නය කාරයෝය... රටේ සම්පත් වරින්වර විකුණා උන්ගේ බඩකට පුරවා ගන්නෝය. රටටවත්, ජනතාවටවත් සෙත සැලසූයේද නැත. අද ජනතාවද අල්ලසට පගාවට බොරුවට, වංචාවට හුරුවී හමාරයි. රජයේ සේවකයා පහළ ශ්‍රේණියේ සිට ඉහළටම හොරා කන්නේය. ළදරු පාසලේ සිටම බොරුව ජනගත කර ඇත හැමදේම අතයට මුදලට හුරුවී ඇත. එ් නිසාම රටේ 3% ක් පමණ රට ගැන හිතන, බොරුවට වංචාවට අකමැති දුර දක්නා නුවණැති මිනිසුන් අත ලොස්සකි.. තමන්ගේ ඡන්ද අයිතිය ටකරම් කෑල්ලට, සමෘධිය බත්පැකට් එකට පෝර සහනයට පාවා දෙන්නේය.. මෙවැනි අධම මෝඩ ජනතාව කවදාවත් මේ වහල් භාවයෙන් මිදෙන්නේද නැත. තව ටික දිනකින් මොවුන් චීනාට වහලුන් ලෙස විකිනේය. එවිට සිංහල බෞද්ධයාට සැපය..