
(ඩයනා උදයංගනී)
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් සහ නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ සිදුකෙරිණි.
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන් අතර අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේය.
මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 වෙනි සංශෝධනය අනුමත කරලා දැන්ලොක්කා කියන දෙයක් කරගෙන ඉන්න. ආත්ම අභිමාන මොන බම්බුවකටද නේද? සාක්කුවට කීයක් හරි වැටෙනවානම් එච්චරයි.
මේ දිවුරුම් දිම හමුදාපති ඉස්සරහ කරන්න බැරිද