
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී තිබූ ධනාත්මක ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වත්මන් රජය ප්‍රතික්ෂේප කිරීම නිසා මහජනයාට දරාගත නොහැකි ජීවන වියදමක් පැටවීම සිදුව තිබෙන බව ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි.
රජය ඉන්ධන මිල ඉහළ දැමීම ඔවුන්ගේ අසමත් ආර්ථික කළමනාකරණයට එක් උදාහරණයක් බව පවසන එක්සත් ජාතික පක්ෂය මෙය කෙටිකාලයක් තුළ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල කඩා වැටීමක් බවද සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය පොදු ජන පෙරමුණ රජය ප්‍රතික්ෂේප කළද ගෝලීය තෙල් මිල පහත වැටීමෙි වාසිය පාරිභෝගිකයන්ට දීමට වත්මන් ආණ්ඩුව අසමත් වූ බවද එජාපය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිල ඉහළ දැමීම පමණක් නොව යුරෝපිය රටවල GSP තහනම්... USA ලංකාවට ලබාදී තිබෙන සහන ලංකාවේ කෘෂි ආර්ථිකය විනාශ වීම වැනි අර්බුද ගණනාවකට රජයට මුහුණදීමට සහ ප්‍රශ්න සඳහා විසඳුම් නොමැති නිසා රටේ ජනතාවට ඉතාම අසීරු කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. එපමණක් නොව මේ වනවිට තාක්ෂණික දියුණුවත් සමග ජංගම දුරකථන සහ අන්තර්ජාල භාවිතා කරන්නන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබේ. නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුවනු ඇත. යළිත් 70 - 77 යුගය කරා වර්තමාන රජය ගමන් කරන බව අප මුලසිටම අවබෝධ වී තිබිණි. එදා තිබූ යුගයට වඩා මෙදා අර්බුද ඉතාම සංකීර්ණ වනු ඇති බව කිව යුතුවේ. රටේ පවතින දේශපාලන අස්ථාවර බව නිසා කිසිඳු රටකින් සහයෝගයක් පවා නොලැබෙන තත්වයට රට පත්ව ඇත...
නැවතත් සර් ෆේල් වී ඇත.
මෙහෙම ගියොත් ජවිපය තුණ්ඩු බෙදලා වැඩ පටන්ගන්න ඉඩ තියෙනවා.
කිසිම දැක්මක් නැති රනිල් වික්‍රමසිංහ යහපාලන කාලේ හොරු ටික අල්ලලා හිරේ දැම්මා නම් අද අපිට මේ වගේ කාලකන්නි කාළයක් එන්නේ නෑනේ. දැන් නිවේදන නිකුත් කරලා මොන කෙහෙම්මලක් බලාපොරොත්තු වෙන්නද? දැන් මේ නිවේදනය දැකලා මිල අඩු කරාවිද? හැමෝම අපිව ගොනාට අන්දන එක තමයි හැමදාමත් කලේ.
කලක් ඕස්ට්‍රේලියාවේ පොලිසියත් එක්ක හැංගිමුත්තන් කරපු, එහෙන් පැනලා ඇවිත් මිනිස්සු මුලාකරලා ඡන්දෙ දිනපු " ගම්මන්පිල " හාදයා විතරක් නොව, රට කමින්, අහිංසක මිනිස්සුන්ට යුක්රේනයෙන් ආනයනය කරපු කොරෝනා බෝවෙන අන්දම බලාගෙන හිටපු පොහොට්ටුවේ පිස්සෝ රැලත්, චීනාට රට විකුණමින් සිටින හොරු රැලත්, පොදුවේ ගත්විට පොහොට්ටුවන් හැත්තෑ බුරුත්තම වහාම තම නොහැකියාව පිළිගෙන ඉල්ලා අස්විය යුතුයි.. නැතහොත්... හෙට, අනිද්දා gst නැවැත්වූ විට රට බංකොළොත් වූ විට කාටවත්ම නොකියාම පැනලා යන්නනම් වෙන්නේ නැහැ.. ජනතාව අවදියෙන්. දුක් විඳලා විඳලා ඇතිම වෙලා. අන්තිමේදී, රටේ අහිංසක, දුප්පත් මිනිස්සුන් පාරට බැස, පොහොට්ටුවන්ව "සම්බෝල" හදාවි..
දියුණු වී ඇති හෝ සංවර්ධනය වී ඇති රටවල ඉතිහාසය දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම රටවල පුරවැසියන්ගේ අනේක විධ කැපකිරීම්වල ප්‍රතිඵල ලෙස ඒ ඒ රටවල් එසේ දියුණු වී ඇත බව නොරහසකි. අප ජාතියක් හැටියට (මුල් පුරවැසියාගේ සිට සියල්ලෝම) කැපකිරීම් කිරීමට වැඩිපුරම අකමැති ජාතියක් බවත් නොරහසකි. අප සැමවිට බලන්නේ අපේ බඩ ගැන විතරම නොවේද? රට තුල කුමක් හෝ නිෂ්පාදනය කිරීමේදී නොයෙකුත් ප්‍රායෝගික ගැටළු ඇතිවීම ස්වාභාවිකයි. ඒ කිසිදු ගැටළුවක් නැහැ අප සියලුම දේවල් කුරක්කන් ඇටයේ සිට වෙනත් රටවලින් ගෙන අපේ බඩවල් පුරවාගෙන නිකමුන් ලෙස සිටී නම් යන්න මේ සියලුම ගැටලුවලට ඉතාමත්ම පහසුම පිළිතුරකි. එවිට ඔය එක එක රටවල අර සහන මේ සහන කිසිදා අවශ්‍ය නොවේ. ඒ ඒ රටවල් වඩාත් මිත්‍රශීලීව ඒ ඒ අයගේ නිෂ්පාදන අපට විකුණා අපේ හොඳම මිතුරන් වෙනු නියතය. එබැවින් රට තුළ කිසිඳු නිෂ්පාදනයක් නොකර අප සියල්ලෝම නිකමුන් ලෙස ජීවත්වීමෙන් ගැටළු 100% විසඳෙනු ඇත. එවිට ලෝකයේ සියලුම රටවල් අභිබවා අපේ රට ලෝකයේ ඉහළින්ම වැජඹෙන දවස මොන මළ යකාටවත් වැළැක්විය නොහැකිය. මහජනතාව අතරේ ගැටළු නැහැ යනු රතුහැට්ටකාරයන්ට ගෙදරට වී බණක්, භාවනාවක් කරගෙන නිවී සැනසිල්ලේ සිටිය හැක. රට තුළ ගැටළු නැත..
එහෙම බැලුවොත් අද වෙනකොට ලක්ෂ වාරයක් වැටිලා ඇති ඔය විදිහට..