(සුජිත් හේවාජුලිගේ )
සති අන්තයේ සාද, උත්සව , ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් මෙවැනි කටයුතු හොර රහසේ සිදුවන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ 119 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට හෝ දැනුම් දෙන්නැයි සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය .
එවැනි පිරිස් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සීරුවෙන් තබා ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය .
මේ අතර මේ කාලසීමාවේදී මත්පැන් විකිණීම හා බෙදාහැරීමද සපුරා තහනම් බවත් එම තහනම නොතකා කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද පොලිසිය සෙවිල්ලෙන් සිටින බවත් ඔහු පැවසුවේය .
දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් ද වැඩි කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් දෙකම ගොයම් කෑවොත් කාටද කියන්නෙ.
එතකොට පොලිසියෙන් උපන්දින සාද පවත්වනවා නම්..?
මොකටද ඔච්චර සංදර්ශණ, දවසකට මැරිලා තියෙන්නේ 02යි.. 99% කළින් ලෙඩ්ඩු වයසක මිනිස්සු. ඔයිට ඉස්සර දවසකට සෙම රෝගවලින් කී දෙනෙක් මැරිලා තියෙනවද?
ක්‍රිකට් ගහනවා නම්, පාපන්දු ගහනවා නම්, රග්බි හහනවා නම්, ගෙවල් ටික එකතු වෙලා ඉන්නවා නම් ගණන් ගන්නේ නැතිව ඉන්නම් ආයුබෝවන්..
අනේ නෑ. අපි එළිපිටම උත්සව ගන්නේ පොලිසිවල...
ගිහින් කේක් කපන්න වෙන්න ඇති...
අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. ටී.වී එකේ සාක්ෂි එක්කම පෙන්නුවනේ කුරුණෑගල පොලිසියේ ලොක්කො ටික එක්ක කුරුණෑගල නගරාධිපති කේක් කපලා පාටියක් දැම්මා. ඉතින් ඒකට මොනවා හරි කරලා ආදර්ශයක් දුන්න නම් හොඳයිනේ... ඔබතුමාලා නිකන් රටට විහිළු සපයන්නේ නැතුව... පොලිස් ලොක්කාට මාරුවක් දුන්නා වගේම නගරාධිපතිව අත්අඩංගුවට අරන් පෙන්වන්නකෝ... එක රටක් එක නීතියක් තියෙනවා කියලා....
ඊට පස්සේ සරත් වීරසේකරට කෝල් කරන්න. එයා ඇඳුම් එක්ක බණ්ඩාරවෙලට යවයි.
මොකටද ඒවාට අපට පඩි ගෙවනවද?
අයියෝ මෙතුමාගේ හොරාපොලිස් නාඩගම...