( තිළිණි ද සිල්වා )
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිට කැනඩාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හී තානාපති ආරංචි මාර්ග පවසයි.
මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීයාවේ තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමටද එරට ආරක්ෂක අංශ සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනා අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු සිටින බව ද කියැවේ.
අදාළ ශ්‍රී ලාංකිකයින් මාස දෙකක පමණ කාලයක් නීතිවිරෝධීව තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රදේශවල රැඳී සිට ඇති බව සඳහන් වේ.
ඔවුන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට ප්‍රවාහනය කිරීමට මිනිස් ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බව ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් උතුරේ දෙමළුන් සිවීඩන්, කැනඩාව වගේ රටවලට පැන්නේ ඔය විදිහට තමයි ඉස්සර.. ඒ අය තමයි දැන් ඔය ලංකාවේ ඉන්න අයත් පිස්සු වට්ටන්නේ. සහ ඒ ඒ රටවල ඉඳගෙන ලංකාවට කෙණෙහිලිකම් කරන්නෙත් ඔවුන්ම තමයි.