(සුජිත් හේවාජුලිගේ)
සංචාරණ සීමා පවතින කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින දෙකක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එම දින දෙක කුමක්දැයි රජය විසින් අද හෙටම දැනුම් දෙනු ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ඒවායේ කටයුතු පවත්වාගෙන යෑම අනිවාර්ය බවද ප්‍රකාශ කළේය.
මෙයට අමතරව ජංගම රථ වලින් ගොස් කරන වෙළඳාම් සඳහාද අවසරය ලබා දෙන බවත් එම වෙළඳාම් කටයුතු ද නියමිත සෞඛ්‍ය නිර්ණායකවලට අනුකූලව කළ යුතු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
තවද පළාත් අතර සංචරණ සීමාද දැඩිව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා අනාවරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මිනිස්සු " සර් ෆේල්" කියන්න පටන් අරගෙන තියෙන්නේ කට කහනවට වෙන්න බෑ. උදේට කියනවා "අරිනවා" කියලා. හැන්දෑ වෙනකොට කියනවා " නෑ එක්කෝ වහලා දාමු" කියලා. මේ ඇරිල්ලත් ඉතින් ඒ වගේ තමයි.
ඔයාට කිසිම බලයකුත් නෑ සැලසුමකුත් නෑ. කෙලින්ම ලෝන්ඩරියේ රෙදි හෝදන්නේ...
අරින්න කියනවා. වහන්න කියනවා. ගියාම ආපහු ගෙවල්වලට පලයව් කියලා පොලිසියෙන් බැනලා එලවනවා. ගැසට් ගහනවා. ආපහු වෙනස් කරනවා. ස්ටිකර් අලවනවා. ආපහු ඕනේ නෑ කියනවා. ලියුම් ගේන්න කියනවා. ලියුම් එපා කියනවා. රට කෙසේවෙතත් රටේ මහජනතාවට නම් මෙයාලා ඔක්කොම එකතු වෙලා හොඳටම දෙනවා..