IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ )

මෙරට භාවිතා කෙරෙන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් හා සිනොපාර්ම් යන එන්නත් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ තුනක් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි

වැඩිම ප්‍රතිශක්තිය ලැබෙන එන්නත සොයා ගැනීම සඳහා මේ පරීක්ෂණය ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත .

දැනට කරන ලද පරීක්ෂණවලට අනුව මේ එන්නත් තුනම මෙරට මේ දිනවල ක්‍රියාත්මකවන ඇල්ෆා බිතාන්‍ය සැර කොරෝනා ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක වන බව සොයාගෙන ඇතැයි ජීවන්දර මහතා පැවසුවේය .

බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයේ පැතිරීමේ සීඝ්‍රතාවය සියයට 50කින් ඉහළ බවත් එහි දරුණු භාවයද සියයට පනහකට වඩා වැඩි බවත් ආචාර්යවරයා අනාවරණය කළේය .

 



අදහස් (15)

සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක්

siri Saturday, 12 June 2021 02:21 PM

චීන එන්නත් තුනක්ම කියන තරම් සාර්ථක නැහැ කියන වාර්තාවක් ඉන්දියානු රූපවාහිනි සේවයක් විකාශනය කර තියෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනොවැක්, සයිනෝ ෆාම් සහ සයිනෝ බයෝ එන්නත් තුන දැනට මිලියන 742ක් ලොව වටා රටවල් විශාල ගණනකට විකුණා ඇති අතර මිලියන 22ක් පරිත්‍යාග වශයෙන් සපයා ඇති බව කියන එම වාර්තාව මොන්ගෝලියාව, බහරේන්, එක්සත් අරාබි ජනරජය, සීෂෙල්ස් දිවයින, පිලිපීනය වැනි රටවල් වල ජනතාවගෙන් 70 % වැඩි පිරිසකට චීන එන්නත් ලබාදී ඇති නමුත් මාත්‍රා දෙකම ලබාගත් බොහෝ දෙනෙකුට කෝවිඩ් වයිරසය නැවත බෝවී ඇතිබව සඳහන් කරයි. එමෙන්ම සයිනෝ ෆාම් එන්නත ලබාගත් පිලිපීන ජනාධිපතිවරයා ඒ ගැන කණගාටුව ප්‍රකාශකර ඇති බවත් චීනයෙන් ලැබුණු සියලුම එන්නත් ආපසු යවා ඇතිබවත් සෞදි අරාබියාවද එම එන්නත් භාවිතය තහනම් කර ඇතිබවත් මේ රටවල චීන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් සියලුම දෙනාට තුන්වන වරට ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට කටයුතු කරන බවද එම වාර්තාවේ දක්වා ඇත.

:       100       85

RathanaSaturday, 12 June 2021 04:41 PM

බොරු ප්‍රචාර කරන්න එපා

:       39       48

MalkiSaturday, 12 June 2021 04:57 PM

දැන් පිලිපීන්වල දෙන්නේ සයිනෝෆාර්ම්..!!!

:       1       8

BandaraSaturday, 12 June 2021 05:09 PM

ශී සෙල්ස් වල ඇස්ට්‍රාෙසනෙකා, සයිනෝෆෝර්ම් දෙකම ගහලා. ආපහු හැදුණු අය මැරිලා නැහැ කවුරුත්...ඇස්ට්‍රාසෙනෙකා වලින් ගොඩක් දෙනෙක් මැරුණා..

:       6       0

මුණසිංහ Saturday, 12 June 2021 05:44 PM

මොන වැක්සීන ගත්තත් ප්‍රතිඵලය 70-80%විතර. අනෙක කට්ටියක් වරද්දා ගෙන ඉන්නව මේක විදගත්තම හැදෙන්නේ නැහැ කියල. ඒක වැරදි යි. හැදෙන්න පුළුවන්. නමුත් මාරාන්තික වෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න .

:       0       0

මුණසිංහ Saturday, 12 June 2021 03:05 PM

අන්න හොඳයි. අපිට විදින කාලෙ එනකොට ඔය ප්‍රතිඵලය ඇවිත් තියෙයි නෙ.

:       0       7

kamal Saturday, 12 June 2021 03:31 PM

මේ එන්නත් ගැන ලෝකේ ඇති තරම් පරීක්ෂණ කරලා තියෙන්නේ. දැන් ඔය හදන්නේ අපේ විද්වතුන් ආණ්ඩුවට පහසු ලේසි වන ප්‍රතිඵල ගැන පරීක්ෂණයක් කිරීමටයි. වෙනත් වචනයකින් කියනවා නම් කඩේ යන අය ලවා ජනතාව ගොනාට ඇන්දවීමටයි සැරසෙන්නේ.

:       60       178

Rakitha Saturday, 12 June 2021 04:39 PM

මොන වැක්සීන් එකගත්තත් කොවිඩ් හැදෙනවා

:       11       14

firda Saturday, 12 June 2021 05:08 PM

අපේ රටේ කොහේද ෆයිසර් එනනත් විද්දේ

:       0       14

Kumara Saturday, 12 June 2021 05:44 PM

පරික්ෂණ අරඹන්නේ කවදා සිට කවදාටද

:       0       0

sakun Saturday, 12 June 2021 05:55 PM

මෙම පර්යේෂණය පටන් ගත්තේ සහ අවසන් කරන ලද්දේ කවදාද?

:       0       32

Jaya Saturday, 12 June 2021 06:00 PM

නිකම් බොරු වැඩ. ලෝකයේ ප්‍රධානම වෛද්‍ය සඟරාවල අලුත්ම වෙළුම් ටික පරිශීලනය කළා නම් ඕකේ නැවත සොයා ගන්න දෙයක් නැති බව තේරේවි..!

:       0       39

අබ්දුල් Saturday, 12 June 2021 10:33 PM

හරිම එන්නත එන්න තව අවුරුදු 3ක් වත් යයි. මෙච්චර ඉක්මනට එන්නතක් හදන්න ලෝකේ මොන තාක්ෂණයටවත් බැහැ. දැන් යන්නේ බිස්නස්...

:       1       0

කරූ Saturday, 12 June 2021 11:44 PM

ෆයිසර් ද, ස්පුට්නික් V ද?

:       0       0

Sri Lanka Saturday, 12 June 2021 11:57 PM

කොරෝනා ඉවර කරන්න බලාපොරොත්තුවක් නෑ වගේ... කොරෝනා හම්බ කරන් කන්න හදන්නේ සදහටම...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site