
(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )
සින්නපාඩුව වෙරළ තීරයේ ආසන්න ස්ථාන දෙකකින් ඩොල්ෆින් මත්ස්‍ය පැටවකු ගේ සහ කැස්බෑවකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබුණු බැව්,වන ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
මෙම ජීවීන් දෙදෙනාගේම බාහීර තුවාල කිසිවක් නොතිබු බවද , ධීවරදැල් වල හෝ පැටලී තිබු බවක් නොතිබුණු බැව්,එම නිලධාරියා සඳහන් කළේය.
මේ පිළිබදව කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතාගෙන් විමසූ විට,ඒ මහතා පැවසුවේ, මෙම ජීවීන්ගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි නිසා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරි පත් කොට,වැඩිදුර පරීක්ෂණ සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය වෙත යොමු කරන බව ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න සිය දිවි නසාගත්ත සතෙක් ද කියල?, මං කිව්වෙ බෙල්ලෙ ලනුවක්, මොරෙකුට කන්න ඉඩ දීල වගේ, අර මැඩිල්ලෙ උන්නාන්සෙ කිව්වෙ නැවෙන් එහෙමකට ප්‍රශ්නයක් නැහැ කියලනේ