
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය.
එම පිරිසට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත්වන බව ඇමතිවරිය සඳහන් කළාය.
වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මියයන බව පැවැසූ වන්නිආරච්චි මහත්මිය පිළිකා රෝගීන්ගේ තිස් දහසක පමණ වැඩිවීමක් වසරකදී පෙන්නුම් කරන බවද කීවාය .
රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර ඇතැයිද මෙය බරපතළ තත්වයක් යැයිද ඇය පැවසුවාය .
සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, නමුත් කාබනික පොහොර රට තුල නිපදවීම මගින් මිසක් ආනයන නොවේ කලයුත්තේ
රසායනික පොහොර විතරක් නෙවෙයි , කන්ඩ,බොන්ඩ තියෙන වැඩි හරියක් වස විස ගහපුවා තමා.
මේ මනුස්සයා කලින් කරපු දේවල් සහ ගොන් දේ ප්‍රමෝට් කරපු හැටියට, දැන් නුඹ කාගෙන් හරි අහගෙන හරි දෙයක් කිව්වත් මිනිස්සුන්ට පොදක් වත් විශ්වාසයක් නැති අය. හරි වෙලාවට එන්නත් ඕඩර් කරන්න තරම්වත් දැනුමක් නැතිකම රටටම බලපාන බව තේරුම් ගත යුතුයි...
1948න් පසුව රට පාලනය කළ හැටි තමයි මේ. මේ එකෙක්ටවත් රටක් කරන්න තේරෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත. නිල්, රතු, කොළ ඔක්කොම එකයි.
චීනුන්ගෙන් බර ලෝහ මිශ්‍රිත කැලිකසල වලින් හදපු ජරාව ලංකාවට ගේන්න තරම් මේ මිනිස්සුන්ට මොලේ හොඳ නැද්ද?
ඊළඟට මැරෙන්නේ සාගතයෙන්, ඔයිට වඩා මැරෙනවා... අස්වැන්න අඩුවෙලා හාල් ඇතුලු ආහාර ද්‍රව්‍ය වල නිෂ්පාදනය අඩු වුණාම ඉන් යැපෙන්නන් සහ පාරිභෝගිකයන් යන දෙකොටසම මන්දපෝෂණයෙන්, කුසගින්නෙන් මිය යාවි. මම කියන්නේ බාස්මතී රුපියල් දාහට කන අයට නොවේ.
පිළිකා ඇතිවීමට නම් රසායනික පොහොරට වඩා ක්ෂණික ආහාරත් බොයිලර් මස් වර්ගත් හේතුවන බව පැහැදිලි කමක් තියෙනවා. ඔබතුමියගේ තේවත්තේ ප්‍රයෝජනයට ගන්නේ කාබනික පොහොරද? සෞඛ්‍ය ඇමති ලෙසට පිළිකාවට හේතුවන්නේ පොහොරද නැත්නම් ක්ෂනික ආහාර හා බොයිලරි මස් වර්ගද කියා සමීක්ෂණයක් කරවාම බලන්න මෙය මහරගම අපේක්ෂා රෝහල ඇසුරින් කරන්න පුළුවන්...
එහෙනම් පොහොර නොමිලේ දෙනවා කියලා බලය ගත්තේ ඇයි?. ඕක කලින් කියන්න තිබුණානේ. ඒ කියන්නේ ඒ ජනවරම දැන් වලංගු නෑ. තවම වකුගඩු රෝගයට හේතුව නිශ්චිතව හොයාගන්න පුලුවන් වෙලා නෑ. මෙයාලා අඳුරෙ අතපත ගානවා...
රසායනික පොහොර වලින් වගේම මත්පැන් වලින් කීයක් මැරෙනවද කියන්න
දැන්ද තේරුනේ ? මොකද්ද දන්නේ නැහැ හේතුව නේද ?
චීන නාගරික කසලවලින් හදන කාබනික පොහොරවලින් මීටත් වැඩි උපද්‍රව සිදුවෙන්න බැරිද?
කවුරු හරි මේ ගණන හදලා බලන්නකෝ,..!!! මාසයකට කොච්චරද? දවසකට කොච්චරද? මේක ඇත්ත නම් අවුරුදු 10ක්, 15ක් ගියාම රටේ කවුරුවත් ඉතිරිවෙන එකක් නැහැ. සෞඛ්‍ය ඇමැතිතුමිය.. කියන කතාව බොහෝම භයානකයි. ඡන්දෙ දෙන්න පිරිසක් චීනෙන් ගෙන්න ගන්න වෙයි.
කුණ්ඩලීනි ශක්තියෙන් වාසියක් හොයමු..
මොකෝ.., ළඟදි ඡන්දයක්වත් එනවද? එකපාරටම මිනිස්සු ගැන මතක් වුණේ...!!!
හා පවිත්‍රා මැඩම් පිටරටවල් වලින් ලංකාවට ආනයනය කරන පලතුරු වලට කාබනික පොහොර දාලා හදපු ඒවද ලංකාවට එන්නේ...?
වතුකරයටත් වගාවට පොහොර නැතිව පාඩුයි කියලා තව අවුරුද්දකින් විතර ඉන්දියා සමාගමට විකුණයි. ඕකට තමයි පොහොර තහනම ගෙනැල්ලා තියෙන්නේ...
කතාව භයානකයි.. මම අභියෝග කරනවා වකුගඩු රෝගයෙන් මැරුණු කෙනෙකුගේ මරණ වාර්තාවේ මරණයට හේතුව පොහොර සහ කෘෂිරසායන නිසා වකුගඩු අක්‍රීය වී රෝගියා මියගියා ලෙස, ලියන්න කියලා ලියන්නේ... මේ විදිහට හඳුනානොගත් වකුගඩු අක්‍රීය වීමකින් රෝගියා මියගියා. මේකත් අර මුට්ටි දාලා පැණිබීලා හොද්දේ ලුණු බැලුවා වගේ ඔලුව හොල්ලලා කොරෝනා හැදුණම IDH ගියා වගේ...
රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවියන් හොඳින් නොදන්නාකම...!!!
රසායනික පොහොර අවශ්‍ය නැහැ.. ඒවා දමලා වගාකරන්න සහල් මේ අවුරුද්ද අවසානයේ ඉඳලා ගෙන්වන්න සූදානම් වන්න. ගොවියෝ පොහොර නොදුන්නොත් කෙළින්ම වගාව අතහැර දමලා ගෙදර ඉඳීවි...
මෙතුමියගේ වැඩ හා කතා ගැන වැඩි විශ්වාසයක් අපට තබන්නට බැහැ. ඒත්, කොම්පෝස්ට් පොහොර භාවිතයට යොමුවීම ඉතා හොඳ දෙයක්... ඒත්, එය කරනා ක්‍රමයක් හා පිළිවෙලක් තියෙනවා. එය පටලවා ගැනීමයි මේ ගැටළුවලට හේතුව... මේ අය මෙතෙක් කරපු හැම වැඩේම හොඳටම අනාගත්තා. මේ වැඩෙත් එහෙමයි.
ශාකයක් පෝෂණ හැටියට උරා ගන්නේ N P K මූලද්‍රව්‍ය ආකාරයෙනි. එය ලැබෙන්නේ රසයානික හෝ කාබනික මාධ්‍යයෙන්ද බව ශාකයට අදාළ නැහැ. එබැවින්, රසයානික පොහොරවල බැර ලෝහ අඩංගු බැවින් කාබනික පොහොර භාවිතා කිරීම වඩා නුවනට හුරු බවයි මහේ අදහස.
ඕකට නැද්ද හරියන පැණියක්...?
වසර 72ක් තිස්සේ ජනතාවගේ රිරී මාංශය හූරන් කන දේශපාලකයින් අපේ රටට මීට වඩා මහත් විනාශයක් සිදුකර ඇත. එය මිල මුදලින් හා ජීවිත වලින් ගණනය කළ නොහැක. බිලියන ගණනින් ණය ගෙන මහත් විනාශයක් සිදුකර මතු උපදින දරුවන් පවා ණයගත කර ඇත. ගහන්න පුළුවන් හැම දේකටම බදු ගසා ජනතාව මානසික පීඩාවට පත් කර ඇත. පාස්කු ප්‍රහාරය වළක්වා නොගෙන බොහෝ අයට චිත්ත වේදනා උදාකර දී ඇත. නැවක් ගෙන්වාගෙන සාගර පරිසරය විනාශ කර ගෙන ඇත. මේ වසර 72ක් තිස්සේ නුඹලා අපට ලබාදුන් තෑගි සොච්චමක් පමණි...
රසායනික පොහොර වෙනුවට බැරිද මුට්ටියක් කුඹුරට දාලා වැඩේ ගොඩ දා ගන්න...? එහෙමත් නැතිනම් කාලි අම්මා පැණියක් කුඹුරට හලන්න. අර බිපු කාලි අම්මා පැණියේ 100%ක් විෂ නැහැ කියලා සහතික වෙන්න ඔබට පුළුවන්ද?
රසායනික පොහොර නිකන් දෙනවා කියලා ගොවියන්ගෙන් ඡන්දය ගත්තේ මොන රටේද? ඇත්තම ප්‍රශ්නය තමයි පොහොර ආනයනය කරන්න රජයට සල්ලි නැහැ.
හඳුනානොගත් වකුගඩු රෝගය රසායනික පොහොර නිසා සෑදෙනවා යයි ඔප්පු කරන්න පිළිගත් පර්යේෂණ පත්‍රිකා තිබේ නම් ඉදිරිපත් කරන්න (නාථ දෙවියන් හීනෙන් පැමිණ කියූ කතාව හැරෙන්න). ඕක බොරුවක්.. කරපු කිසිඳු විද්‍යාත්මක අධ්‍යයනයකින් වකුගඩු රෝගයට නිශ්චිත හේතු සාධක හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේ රෝගය ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ඝනිස්තානය යන රටවලත් පැතිරී ඇති අතර ඒ කිසිදු රටකින් නිශ්චිත හේතු සාධක සොයාගෙන නැත. දැන් සිදුවන්නේ අමන තීරණයක් සාධාරණීකරණය කිරීම සඳහා වකුගඩු රෝගයද විකිණීමයි. ලංකාවේ සියළු පිළිකා රෝගවලට එකම හේතුවද රසායනික පොහොර නම් එය ද ඔප්පු කර පෙන්වන්න...
මත්පැන් නිසා ජීවිත කීයක් නැති වෙනවද? රටේ තියෙන තියෙන සියලුම අපරාධවලට මත්වතුර සම්බන්ධයි.. මිනීමරුවන්, අපචාර, දූෂණ, දේශපාලන අපරාධ.. නමුත් මත්පැන් සංස්ථාව ගැන කතා නැහැ. ඡන්ද නැති වෙයි කියලා බයට...
එතකොට රටේ තිබෙන වසවිස සහිත ආහාර වලින් ජනතාවට හානියක් නැද්ද? නිකමට වගේ අැහැව්වේ..!
මේ ඔක්කොම කරන්නේ අපිවයි, අපේ රටයි... බේරගන්නනේ.. හොඳයි. හැබැයි මැතිවරණයට දවස් දෙකකට ඉස්සෙල්ලා තමයි අපි මේ ඔක්කොම එකතු කරලා බිල එවන්නේ..
රසායනික පොහොර කෟෂිරසායන වලට අමතරව මැගී සුප්කැට, කරිරිපිටි ආදියද ආනයනය සීමා කරමින් පාලනය කල යුතුව ඇත. දේශීය කිරි පිටි භාවිතය, ස්වාභාවික කුඵබඩුභාවිතයද දිරිරගැන්විය යුතුව ඇත.
කොම්පෝස්ට් පොහොර වල N ප්‍රතිශතය ඉතා අඩු අතර p සහ k ඇත්තේම නැතිතරම්ය. මෙම සංඝටක 3 අවශ්‍යතාවය ශාකවල වර්ධන අවස්ථාව අනුව වෙනස් වෙයි. නියමිත අවධිවලදී කලට වේලාවට යෙදිය යුතුයි. කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් මෙම සියල්ල නැතිව යන අතර අස්වනුවල විශාල අඩුවීමක් සිදුවී කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටෙනු ඇත. ලොව දියුණු රටවල් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී නැත. ඔවුන් කර ඇත්තේ නිවැරැදි විද්‍යාත්මක ක්‍රම යොදා පොහොර කළමනාකරණය කර ගැනීමයි. දියුණු රටවල ඔය කියන රෝග පොහොර නිසා ඇතිවන බව පෙන්වා දී නැත. ජාත්‍යන්තර සංවිධාන උඩගෙඩි දෙන්නේ අපේ කෘෂිකර්මාන්තය බිඳහෙලා වෙළඳ පොළ අල්ලා ගැනීමටයි.
ලෝකයේ රසායනික පොහොර කර්මාන්ත ශාලා සියල්ල වසා දමා සේවකයන් ගෙදර යවාවි. ඇයි ලංකාව පොහොර ගන්නේ නැහැනේ... අනේ 64 ලක්ෂයක් ගත් කෙනෙකුට වුණු දේ.
ඉතිහාසයේ දුර්වලම පාලකයාගේ කැබිනෙට්ටුවෙන් අපට මීට වඩා බුද්ධිමත් ප්‍රකාශ බලාපොරොත්තු විය නොහැක