
(තිළිණි ද සිල්වා)
ශ්‍රි ලංකා ඉන්වෙස්ට් ෆෝරම් ආයෝජන සමුළුවේදී විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිස් මෙරට ආයෝජනය සදහා අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
සම්පූර්ණ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රි ලංකා ඉන්වෙස්ට් ෆෝරම්- 2021 ආයෝජන සමුළුව මේ වන විට අති සාර්ථකව පැවැත් වෙයි.
එය ආසියාවේ මාර්ග ගත ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව බව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.
මෙවැනි සමුළුවක් තුළින් මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත් කර ගැනීමට අපේක්ෂා කරන බවද මොහොට්ටාල මහතා කියයි
මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලබා දී ඇති අතර විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇතැයිද එම මණ්ඩලය සදහන් කරයි.
මීට අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතා ඇත.සමුළුව අදින් (09) අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝෂයි රටක් හැටියට...
ආයෝජකයෝ 1883ක් මෙරට ආයෝජනය සඳහා අවධායනය රටේ තිබුණ ප්රශ්න දේශපාලන අස්ථිර බව නිසා චින්නු හැර වෙන කිසිකෙනෙක් නැ .
ඔය ගොඩෙන් කීදෙනෙක් මේ රටේ සහ පිටරට තියෙන කළු සල්ලි සුදුකරන්න බලාපොරොත්තු වන අයද කියලා හොයන්න ක්රමවේදයක් තියෙනවද දන්නේ නැහැ නේද?
වර්ජන තර්ජන දැම්මොත් ටයර් සෑයවල් මතක් කරන්න.
ලෝකේ එක එක රටවල ඩොලර් ෂොප් කියලා... චීන්නු තොරොම්බල් කඩා හන්දියක් ගානේ දානවා.. මම හිතන්නේ ඒ කඩකාරයෝ තමයි ඔය ඉන්නේ...
චීන්නු හිරේ.. මේ රටට වෙන කවුරුවත් එන්නේ නැහැ.
දියුණු රටවල් වලින් බල්ලෙක්වත් එන්නේ නැහැ.
ඔය ලිස්ට් එක පෙන්නන්නකෝ. අපි ඒ අය ගැන හොයා බලන්නම්. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? එහෙම කොම්පැනි මේ ලෝකේ තියෙනවාද කියලා.