
(තිළිණි ද සිල්වා)
අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගෙන් ඉටුකම සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 54 ක මුදල් පරිත්‍යාගයක කල බව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අබුඩාබියේ සිරාජ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් රුසාන් ෆයිරෝස් මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඉහළ යමින් පවතින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් පැන නැගී ඇති හදිසි අවස්ථා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ හා මූල්‍ය ආධාර පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා එහි සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව , මොහොමඩ් රුසාන් මහතා ඉකුත් 03 වැනිදා මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මල්රාජ් ද සිල්වා මහතා විසින් කොවිඩ්-19 අරමුදල වෙත සිදු කළ එම මුදල් පරිත්‍යාගය සංකේතාත්මකව භාර දීම වෙනුවෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සහ මොහොමඩ් ෆයිරෝස් මහතා අතර අන්තර්ජාල හමුවක් සිදුවිය.
විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ උපකාරය මව්බිමට අත්‍යාවශ්‍ය මෙම තීරණාත්මක මොහොතේ සිදුකළ මෙම නිර්ලෝභී පරිත්‍යාගය සම්බන්ධයෙන් වීරතුංග මහතා මෙම හමුවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් සිය බලවත් ප්‍රසාදය මොහොමඩ් ෆයිරෝස් මහතා වෙත පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් ආපහු එන්න ඉක්මණට...!!!
මහත්මා ගතිගුණයක්... ඒත් අනුවණ ක්‍රමවේදයක්..
ඉටුකම අරමුදලට එකතු වුණු කෝටි ගණනක මුදල්වලට වුනේ මොකද්ද කියලා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙනවද ප්ලීස්...?
අපරාදෙ මේ මනුස්සයාගේ සල්ලි... සුනාමි සල්ලිවලට වෙච්චි දේම තමයි වෙන්නේ. අනිත් එක මේ සිල්රෙදි මනුස්සයානේ මේක ගන්නෙත්...
කරණාකරලා මුදල් නොදී රෝහලකට අවැසි උපකරණ ලබාදෙන්න...
සල්ලි දුන්නු මනුස්සයාගේ පින්තූරය මුල් පිටුවේ දාන්න කාරුණික වන්න.. මුල් පිටුවේ දාලා තියෙන්නේ ලලිත්ගේ පින්තූරයක්..
කිසිම කෙනෙක් ලංකාවට අමාරුවෙන් හොයන් මුදල් දෙනවා නම් ආණ්ඩුවට දෙන්න එපා... කෙළින්ම ආදරේ ලැබිය යුතු අය වෙත ලබාදෙන්න. නැතිනම් වෙන දේ දන්නවනේ ඉතින් නේද?
ඔන අදහන අල්ලා දෙවි පිහිට ලැබේවා!
පිස්සු නැතතන් ෂෝක්
සිල්රෙදි හොරා හොඳට පානිය ගාලා වගෙයි. හිරේ ඉඳලා ආව හොරෙකුට අහුවුණු ෆයිරෝස් මහත්තයෝ අපරාදේ. ඔය සල්ලිවලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් ඔබතුමාට පින් සිදුවෙනවා. නමුත් මේ හොර - හිඟන කල්ලියට සල්ලි දුන්නේ ඇයි..? ඔය කියන ඉටුකමද මොකක්ද මගුල දැනටමත් හොරා කාලා. ඔය අරමුදලට ලැබුණු සල්ලි ගොඩාක් මිසින්... කෙසේවෙතත් ඔබතුමාගේ මුදල්වලින් ශතයක්වත් මේ රටේ මිනිසුන්ගේ යහපතට ලබෙන්නේ නැහැ මහත්තයෝ...
ඉතා හොඳ පරිත්‍යාගයක්.එයට බොහෝම පින්.ඒත්,මේ රටේ ඉන්නේ සල්ලි ගිලින බහිරවයන්.ඒ නිසා අත්‍යවශ්‍ය උපකරණ හා බඩු බාහිරදිය දුන්නා නම් තමයි වැඩිය හොඳ.
ආයුබෝවේවා..!!! මැරෙන බව දැන ගෙන , උතුම් ජීවිතයක්...!
මොහොමඩ් රුසාන් මහතාට මල් මිටක්...! ඒ එක්කම මෙතන ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා... මුදල් පරිත්‍යාග කරන්න විකල්ප ක්‍රමවේද යෝජනා කරලා. ඉටුකම ගිණුමට මුදල් පරිත්‍යාග කරන එක තමයි හොඳම විදිය.. මොකද ඒක රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් විගණනය වෙනවා. මේකට මුදල් දාන අයට මේ ගිණුම ගැන ප්‍රශ්න කරන්න පුලුවන්.. පාර්ලිමේන්තුවේ සංවාද කෙරෙනවා... රැල්ලට විවේචනය කරන එකෙන් මුදල් පරිත්‍යාග කරන අයව අධෛර්යය කරනවා...
අමතක කරන්න එපා... සුනාමි සල්ලිත් හොරකම් කරපු සාන්තුවරයින් ඉන්න රටක් මේක...