(යොහාන් භාසුර)
රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ ජූනි මස විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන ලෙස රජය උපදෙස් දී තිබේ.
මෙම මස විශ්‍රාම වැටුප 10 වැනිදා මුදාහරින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා අදාල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ 10 වැනිදා විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල ලිපිලේඛණ සියල්ල සකස් කර අවසන් කර ඇති බවයි.
ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීරණයෙන් විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණි.
සමස්ත විශ්‍රාම වැටුප් ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 661,300 කට අධික සංඛ්‍යාවක් රුපියල් කෝටි 2000 කට අධික මුදලක් ප්‍රතිලාභ ලෙස ලබන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10දා විශ්‍රාම වැටුප් ගෙවනවා කියන්නේ මහ ලොකු ප්‍රවෘත්තියක්ද? හැම මාසෙම ගෙවන්නේ 10 දානේ. ඔන්න 9 ගෙවනවා කිව්වා නම් ඒකෙ විශේෂයක් තියනවා. කොවිඩ් පළමු රැල්ලෙදී මරණ එක දෙක සිදුවෙද්දී සහනයක් වශයෙන් 3 ද විශ්‍රාම වැටුප් ගෙව්වා. දැන් කොවිඩ් 3 වැනි රැල්ලෙදී දවසට මරණ 40ක් වෙද්දි ඒ සහනය නෑ. කෝවිඩ් පළමු රැල්ලෙදී සැමන් ටින් එකක් රුපියල් 100යි. කොවිඩ් 3 වන රැල්ලෙදි සැමන් ටින් එකක් රුපියල් 300 යි. මරු සහන සැලසීම.
රජයේ සේවයට විතරක් තැන් දෙන රටක් කොහොමද දියුණුව කරා යන්නේ. අනික මේ වැඩට යන හැමෝටම තමන්ගේ වාහන තියෙන්න ඕනේ. මේක ප්‍රායෝගික නොවන බව නොපෙනීම කණගාටු වෙනවා