කෝටි තුනක දුම්වැටි තොගයක් විනාශ කරයි
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් 3,50,00,000 වටිනා දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු විමර්ශනවලින් පසුව අද(19) කොළඹ - 14 දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.