(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට(8) දිනයට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය .
මේ අනුව හෙට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වෙනු ඇත .
පසුගිය මස පැවැත්වුණු අවසාන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබූ හෙයින් හෙට රැස්වීම අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලි මේන්තු නිලධාරීහු පවසති.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් එහි කැඳවීමද බරපතළ ගැටලුවක් වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ද පසුගිය දිනවල සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබූහ .
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස්විය.
විශේෂ බදු පනත් කිහිපයක් හෙට දින විවාදයට ගැනීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටේ දෙවන ප්‍රශ්නය පාර්ලිමේන්තුව කැඳවීම්ද? රටේ ජනතාව හෙට මොකද කරන්නේ කොහොමද දරුවන්ට බත්කටක් දෙන්නේ කියලා කල්පනා කරන්නේ... කරුණාකරලා වැඳලා කියන්නම් ඔය ගොන් පාට් නතරකරලා රටේ මිනිස්සුන්ට හරි වැඩ පිළිවෙළක් හදලා දෙන්න ජීවත් වෙන්න...