(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුව ඇතැයි ද එම නීති සංශෝධනය කර තිබුණා නම් එක්ස්ප්‍රස් පර්ල් නැව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග දෙන්නට වුවද බලතල ලැබෙන බවද හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලපාන්නේ පරිසර නීතිය පමණක් නොවන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම සෑම අංශයක්ම ආවරණය වන පරිදි ශක්තිමත් නීති රාමුවක් සකස් කර ගත යුතුව ඇතැයි ද කියයි.
මීට පෙර නිව් ඩයමන් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ලංකාවට ලැබුණු මුදලින් කළේ කුමක්දැයි ප්‍රශ්න කළ හිටපු අග්‍රාමාත්‍යවරයා එහි දී ඩොලර් මිලියන කෝටි දහයක් ලබාගැනීමට තිබුනත් ලබාගෙන ඇති බව කියන්නේ ඩොලර් මිලියන ලක්ෂ විස්සක් පමණක් බවද සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීවෙි ලෝක පරිසර දිනය නිමිත්තෙන් පරිසර වෙිදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සූම් තාක්ෂණය ඔස්සේ සංවිධාන කළ සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බලයේ සිටියදී ඇයි එහෙම දෙයක්වත් කලේ නැත්තේ...?
මොකක් හරි වුණාම නම් උපදේශකයෝ ගොඩයි. අවුරුදු 4ක් කළා නේද? ඇයි එදා කරේ නැත්තේ
එතකොට මේ රටේ අගමැති වෙලා ඉන්නකොට මේවාට නීති හදන්න හිතුණේම නැද්ද?
නොදකින් මෙහෙමත් නිවට නියාලු දේශපාලුවන්... තමන් බලය නමැති අසුචි ඔටුන්න ඔලුගෙඩියේ "ඔතාගෙන" දියවන්නාව පට්ටියේ මහජන මුදලින් පිනටම තුන් වේල ගිල දමමින් ලැගපු කාලේ මේ මොන මගුලක්වත් මතකයේ නැහැ.. එතකොට නම් කෙරුවෙම තම උපන් රටට අවැඩක් නොවේද... ? නිකන් නොවේනේ මිනිසුන් මේ ගොයියට සූත්තර පුංචා කියන්නේ... ඇහුවොත් නම් පරිණත දේශපාලකයෝලු...
බොහෝම දූරදර්ශී කියන මේ පඬිතුමාට අර පොල්ගගා උන්නු අවුරුදු 4 1/2 එව්වා පෙනෙන්න නැතුව ඇති. ගෝල බාලයින් වැඩකරන යාලු පත්තරවලින් නම් කියන්නේ තීක්ෂණ දුරදක්නා දැනුමක් ඇති ආසියාවේ අසහාය නායකයා කියලා. නමුත් මිනිස්සු කියන්නේ දුර පෙනේ... ළඟ නොපෙනේ කියලා. ඒත් දැන්නම් හිතෙන්නේ දුරත් නොපෙනේ, ළඟත් නොපෙනේ වගෙයි..
බලයේ හිටපු කාලයේ අල්ලපු හොරෙකුත් නෑ. මේ වගේ දේවල් කරලත් නෑ. දැන් බයිලා කියනවා. ආයෙත් නම් ඡන්ද ඉල්ලලා රට කන්න එපා...
අවුරුදු 70ක් පාර්ලිමේන්තුවේ පොල්ගෑවද? දැන්ද මතක් වුණේ සංශෝධනය...?
ඔබතුමාත් පුටුව ලැබෙයි කියලා විචාර දෙනවා. හැබැයි රට විනාශවෙනකන් බොරු කියමින් හිටියා මිසක් ඩයමන්ඩ් නෞකාව දැකලාවත් නීති හැදුවේ නෑ. දේශපාලකයින්.. නිලධාරි වැටුප් ගන්නේ රට වෙනුවෙන් දූරදර්ශී වෙන්න නෙමේද? ඒ වෙනුවට ඔවුන් රටට සාපයක් වෙලා....
රනිල් ප්‍රායෝගික සාර්ථකත්වයට නුසුදුසු බවත් කතාවට පමණක් සීමාවෙන බවත්, නොහැකියාව ඊට හේතු ලෙස පෙනේ.....
බුදියගෙනද හිටියේ...?
ඩොලර් මිලියන කෝටි දහයක්...!!!
කාලෙකින් බයියන් ටික කමෙන්ට් කරලා. බෙහෙතකටවත් හොයාගන්න බැරුවයි හිටියේ... කොහොමෙයි ඉතින්...?
මෙයාලා හැමදේම කරන්න කියනවා. හැබැයි මේ වෙනකන් කළේත් නැහැ. ගරන්න ගත්තොත් එ්වට විරුද්ධ වෙනවා. අර කලින් ගත්ත මුදලට මේකද වුනේ කියලා අහන්න කලින් අර වරාය විකුණලා ගත්ත සල්ලිවලට වුණුදේ පැහැදිලි කරනවද?
ඒ කාලේ මට මෙව්වා ගැන හිත හිත ඉන්න වෙලාවක් තිබුණේ නැහැනේ... ඉහටත් උඩින් ජාත්‍යන්තර ප්‍රශ්න තිබුණනේ... මතක නැද්ද? මගේ දක්ෂකමට ඒගොල්ලෝ උපාධියකුත් දුන්නා මතක නැතිද?
අපි ඔබතුමාට බලේ දුන්නා. කරපු දෙයක් නැහැ. දැන් දැන් ඉතින් ගොඩදියේ මාළු බානවා.
පැරිස් සම්මුතියට අත්සන් කරෙත් මෙතුමාගේ කාලේ තමයි...
ඩොල්ර් මිලියන ලක්ෂ 20 ක්
ඕවාට තමයි වඳුරෝ ගෙවල් හදනවා කියන්නේ...
ලෝකයා ගනන් ඉලක්කන් ගැන වඩා සැලකිලිමත් උනා නම් හොදය් .
ඔබතුමාට වඩානම් සර් හොඳයි. රිෂාඩ් ඇතුලේ... බුර්කා තහනම්... හරක් මරන්න බෑ... දැන්නම් අපි හැමෝටම මාර සැප...
ඔක්කොටම ඉස්සෙල්ලා ... ඔබතුමා වැනි දේශපාලකයන්ට නීති වහා සංශෝධනය කළ යුතුයි.
පණ්ඩිත උතුමා දැන් කට ඇරියානේ.. මීළඟට කට අරින්නේ සියල්ල දත් පුතණ්ඩියයි. බලමු එයා මොනවද දොඩවන්න යන්නේ කියලා..?