ජූනි හය වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 6 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වැදගත්ම තොරතුර වන්නේ අවසන් තීරුවයි. ඉන් පෙන්වන්නේ අද වනවිට දෛනිකව මිලියනයකට ආසාදිත වන සංඛ්‍යාවයි. සංසන්දනය කරන විට මුළු ගණන බැලීම අනුවණ ක්‍රියාවකි. ඒ නිසා ප්‍රතිශතයකින් හෝ මිලියනයකට බැලීම් ඉතා වැදගත්... අපි හිතාගෙන ඉන්නේ ඉන්දියාව ඉතාම දරුණුයි කියලා. ඒ වුණාට අද වෙනකොට ඉන්දියාවේ ලෙඩ වෙන්නේ මිලියනයකට 82යි. ලංකාවේ මිලියනයකට 144ක් අලුතින් ආසාදනය වෙනවා. මේක ලංකාවේ තීරණ ගන්න කිසිවෙක් දන්නේ නෑ. මේ සංඛ්‍යා ලේඛනය ජනාධිපතිතුමාටත් කාර්ය සාධන බලකායේ සාමාජිකයින්ටත් යවන්න කියලා ගොසිප් ලංකා ආයතනයෙන් ඉල්ලීමක් කරනවා. මේක පිනක්. මේක එවපු ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාටත් පිං...
කොරෝනාවලින් ඔයත් ගොඩයයි වගේ... චීනයේ මේ ගැන පුවත් නැද්ද?
ලංකාවේ තීරණ ගන්න අය පුරුදු වෙලා සිටින්නේ මුළු ගන්න බලලා අපි හොඳයි කියන්න. උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ දවසකට ලක්ෂ ගණනක් ආසාදනය වෙනවා. අපේ තුන්දාහයි. හිතනවා අපි කොච්චර හොඳද කියලා. නමුත් මුළු ගණන සංසන්දනය කිරීම වැරදියි. ඊයේ ගත්තොත් ඉන්දියාවේ ඊයේ නව ආසාදිතයින් 114,537 යි. ජනගහනය මිලියන 1,392යි. එතකොට දිනකට එක මිලියනයකට අසාදිතයින් 82යි. එදිනම ලංකාවේ ආසාදිතයින් 3,103යි. ජනගහනය මිලියන 21. 5යි. එතකොට දිනකට එක මිලියනයට ආසාදිතයින් 144යි. මේකෙන් පේනවා අපි කොයිතරම් අවදානමක ඉන්නවද කියලා...
අපි තමා හොඳටම කලේ නේද?
කළ නොහැක්කක් නොමැති නම් මොකද මේ වෙන්නේ...?