බුලත් කෙළ පහර වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට කොව්ඩ් ආසාදිතයින් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසිම නිසා මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු සහ ඔහුගේ නිවසේ අය ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ . 20 December 2020
රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු පැවසීය . 20 December 2020
කලුතර ග්‍රාම නිලධාරීපවසම් 10ක් හුදකලා කරයි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා වසම් දහයක් පූර්ණ හා අර්ධ වශයෙන් අද( 20 )හුදකලා කළ බව කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය . 20 December 2020
මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පයාගල පොලිස් වසම තුල පිහිටි මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් තුනක් සදහා තාවකාලිකව සංචරණ සීමා පනවා ඇතැයි බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද(20) පැවසීය. 20 December 2020
කොවිඩ් එන්නත මිලට ගන්න ලෝක බැංකුවෙන් ණයක් ගන්න සාකච්ඡා කොවිඩ්-19’ එන්නත මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක ණය මුදලක් අපේක්ෂාවෙන් රජය, ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 20 December 2020
වසා දැමූ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා වසා දැමූ වේයන්ගොඩ විශේෂ ආර් ථක මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 20 December 2020
කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින අලුයම සිය බාරයට ගෙන තිබුණි. 20 December 2020
මුලතිව්හි වැවට පෙරළුණු කැබ් රථයේ සිටි තිදෙනාගේ සිරුරු සොයාගනී මුලතිව් මල්ලාවි පොලිස් වසමේ වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරලීමෙන් අතුරුදහන් වූ තිදෙනාගේ මළ සිරුරු අද (20) අලුයම වන විට සොයා ගත් බවට මල්ලාවි පොලීසිය පවසයි. 20 December 2020
වලපනේ-මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව පෙදෙසින් වහයි මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම්වල පිහිටි වලපනේ ප්‍රදේශයට වසින වැස්සෙන් නායයාමේ අවදානමක් මතුව ඇති නිසා වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව ඊයේ(19) දිනයේ රාත්‍රියේ සිට වසා දැමුණු බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය. 20 December 2020
දකුණේ ආසාදිතයන් ගණන 600 පනී දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 20 December 2020
කෝටි 5ක මුදල් සමඟ හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙකු දැලේ රුපියල් කෝටි 5කට අධික මුදලක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 310 සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 20 December 2020
ඉඳුරුව තුන්දූව හුදෙකලා කරයි ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊයේ රාත්‍රියේ (19) සිට හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 December 2020
අදත් කොරෝනා මරණ 06ක් අද (06) දිනයේ කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව දැනට මිය ගිය මුලු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 171කි. 19 December 2020
කැබ් රථයක් වව්නිකුලම් වැවට වැටී 3ක් අතුරුදන් මුලතිව් මල්ලාවි වව්නිකුලම් වැවට අද (19) සවස 4ට පමණ කැබ් රථයක් පෙරළීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 19 December 2020
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 03ක සංචරණ සීමා ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි. 19 December 2020
ලංකාදීප මාධ්‍යවේදී උපාලි ආනන්ද රිය අනතුරක ලංකාදීප අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද මහතා හා ඔහුගේ දෙහැවිරිදි පුතු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. 19 December 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 10 ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) මිලියන 10 ඉක්මවා ගියේය. 19 December 2020
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයින් 1190ක් මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 19 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2020
නිධන් හොරු වාරියපොල නුවරකන්ද විහාරයත් බිඳිති කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18) රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය තුල නිධන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. 19 December 2020
පාතාලයට සම්බන්ධ 06ක් අත්අඩංගුවට පොලිස් වෙඩි පහරින් මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලාන රොහා නැමැත්තාගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මහා වස්කඩුව නිවාඩු නිකේතනයක දී ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 19 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 660 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (18) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 284 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 660 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 18 December 2020
තවත් කොරෝනා මරණ 5 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (18) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. 18 December 2020
කොරෝනා මර්දනයට යතුරු පැදි හමුදාවක් කොරෝනා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී තීරණය කළ බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතා පවසයි. 18 December 2020
නත්තල් දිනයේදී රැඳවියන් බලන්න ඒම තහනම් එළඹෙන නත්තල් දිනයේදී රැඳවියන්ගේ බැලීමට කිසිදු පිටස්තර පුද්ගලයකුට බන්ධනාගාර වෙත පැමිණීමට අවසර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 18 December 2020
ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධාරි වසම් 3 තුළ දැඩි සංචරණ සීමා පැනවීමටත් අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 18 December 2020
ගාල්ලේ පාසල් 23 දක්වා වසාදමයි පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 18 December 2020
පොල්ගහවෙල ගම්මාන කිහිපයක් හුදකලා කරයි පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18) සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි. 18 December 2020
සුවය ලැබූ 146 ක් කන්දකාඩුවෙන් පිටව යති කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 708 දෙනෙකු අද (18) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 18 December 2020
මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසිලා යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. 18 December 2020
රංජන්ගේ අපහාස නඩුව ජනවාරි 12 කැදවයි විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අ ධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවැත්වෙන අධිකරණ අපහාස නඩුව ලබන ජනවාරි 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. 18 December 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026