(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තනි තනිව ගිවිසුම්වලට අත්සන් නොතබන ලෙසත් එසේ වුවහොත් සාමූහික ප්‍රයත්නය අසාර්ථක වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායකයකු ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම පිළිබඳව මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය දැනුවත් කරමින් අදාළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදී ඇති නව ආචාරධර්ම පද්ධතියේ ඇතැම් කරුණු ද ක්‍රීඩකයන්ට අවාසිදායක බවත් ඒ පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් අදාළ එම ක්‍රීඩකයා සෙසු ක්‍රීඩකයන් දැනුවත් කර ඇති බව දැනගන්නට ඇත.
කොන්ත්‍රාත් ගිවිසුම සහ නව ආචාරධර්ම පද්ධතියේ වෙනස්කම් රැසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටියද ඒවා මේ දක්වා ලිඛිතව සිදුවී නොමැති බවත් ඒ හේතුවෙන් කිසිවකු තනි තනි ගිවිසුම්වලට නොයන ලෙසත් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයා ඉදිරියේ උපන් රට පරාජයක කර හෝ අපි අපේ මුදල් ලබාගනු හොඳේ........ විනය, ශරීර යෝග්‍යතා දක්ෂතා අපට වැඩක් නැත. අපට ඕනා මුදල් පමණි. පව් මේ මෝඩ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාගේ දෙමාපියන් විශේෂයෙන් ඒ ආදරණිය අම්මා...
මුන්ට බැරිනම් පුළුවන් උන් දාල ගමේ උන්හරි කමක් නෑ මොකද මුන් දිනන එකක් ඇ .ගමේ එකා රට වට තොරතුරැ ටිකක් හරි දැනගෙන එයිනේ.
ඔයා ඔක්කොම ටික පන්නලා 19න් පහළ ටික දාන්න තියෙන්නේ. අවුරුදු 5- 6 පරාද වෙලා පස්සේ දිනන්න පටන් ගනියි. කොහොමත් දැන් ඉන්න ජේෂ්ඨ කට්ටිය 2014 වි20 ලෝක කුසලානයෙන් පස්සේ තමයි වැඩිපුරම පරාද වුනේ...
සාමූහිකව මෙයාලාට වර්ජන නම් කරන්න පුළුවන්... තරගයක් දිනන්න තමයි අමාරු..
මේ ලෝකෙ ඉන්න පරාජිතම කණ්ඩායම. සටන නෙවෙයි පාවාදීලා තියෙන්නේ තරඟ...
මට ලියන්න දෙයක් නොමැත. කළින් ලියපු අය අවශ්‍ය සියලු දේ ලියා ඇත. මේ අයට බයවෙලා සල්ලි දුන්නොත් අපේ ක්‍රිකට් සදාකාලිකවම වලපල්ලට යනු ඇත. මොවුන් මුදලට කෑදර පගාවට බර කණ්ඩායමකි. අරවින්ද, අර්ජුන, මහානාම වැනි මහත්වරු දැක ගැනීමට අපි වාසනාවන්ත වුණා. දැන් ඇති. ඔය ක්‍රිකට් බෝඩ් එක වසා දමන්න.
මේ පාහරයින් තම රට හෝ ප්‍රේක්ෂක අවධානය ගැන හෝ හිතන්නේ නැහැ. ක්‍රිකට් හැඳිගෑවුනත් කමක් නැහැ කාලෙකට. අර ඉස්සර දකුණු අප්‍රිකා ගිය කණ්ඩායමට දුන්නා වගේ අවුරුදු 10කට තරඟ තහනමක් පැනවීමට ඕනෑ. බල්ලන්ට බලු විදිහට සලකන්න.
ඔහු නිසා අපට අහිමි වූ 2011 ලෝක කුසලානය. ඔහු මේ වනවිට වසර 13-15 කට වැඩි කාලයක් ක්‍රීඩා කර ඇති නමුත් ජයග්‍රහණය සඳහා ඔහු කොපමණ තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබේද? ඔවුන් තවදුරටත් තරුණ ක්‍රීඩකයන් නොවේ. අවුරුදු 10-8 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කර ඇත. ඔවුන්ට තරගය ජය ගත නොහැකි නම් අනාගතයේදී අවශ්‍ය නොවේ. තරඟ පරාජය වීම සඳහා මුදල් උපයන්න. ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ යුතුයි..! ඔවුන්ට හොඳ කාර්ය සාධනයක් කළ හැකි නම් ඔවුන්ට අයි.පී.එල්, එස්.පී.එල් හරහා මුදල් උපයා ගත හැකිය. යාලුවනේ දැන් ඉල්ලීමට උත්සාහ නොකරන්න. පළමුව, ඔබ හොඳින් සෙල්ලම් කරන්න..! එවිට ඔබට ඉල්ලුමක් ඇත..!