අද සිට දින 4 ක් පැයක විදුලි කප්පාදුවක් නොරෝච්චෝල ලක්විජය බලාගාරය යළි පනගන්වන තෙක් මුළු රටම කලාප හතරකට බෙදා අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කිරීම අද (18) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජීනේරු විජීත හේරත් මහතා පැවසීය. 18 August 2020
ක්‍රීඩා ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනී අයෙක් අත්අඩංගුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අන් සතු නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේදී අද (18) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 18 August 2020
බස්රියේදී මියගිය අයළඟ ගංජා කිලෝ එකක් බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ මියගිය පුද්ගලයෙකු ලඟ තිබී ගංජා කිලෝග්‍රෑම් එකක් අද (18) සොයා ගත් බව තණමල්විල පොලිසිය පැවසීය. 18 August 2020
හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිගෙන් පැය 5 ක ප්‍රකාශයක් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් අද (18) පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත්තේය. 18 August 2020
ආනයනය නැවතීමෙන් යතුරුපැදි වලට ටයර් හිඟයක් ටයර් ආනයනය නැවැත්වීමෙන් සමහර යතුරුපැදි සඳහා ටයර් නොමැතිව යතුරුපැදිකරුවෝ දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි යතුරුපැදි සහ ටයර් අලෙවිකරුවෝ පවසති. 18 August 2020
පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස් ලබන 20 වැනි දා පවත්වන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී පක්ෂ දෙකකට හිමි මන්ත්‍රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි. 18 August 2020
මහර බන්ධනාගාරයේ සැකකරුවකුට දුම්කොළ දුන් නියාමකගේ වැඩ තහනම් මහර බන්ධනාගාරයේ සැකකරුවකුට දුම්කොළ ගෙනැවිත් දී විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමේ ක්‍රමය මත සිය බැංකු ගිණුමට රුපියල් 5000ක් බැර කරගත් බව කියන නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 18 August 2020
දෙමටගොඩ චමින්දගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ අල්ලයි පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තා ගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමඟ දෙමටගොඩ සිරි ධම්ම මාවතේ 256 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 18 August 2020
‘කොරියාවේ රැඳී සිටින ලාංකිකයන් 1600දෙනා මාස දෙකකින් ගෙන්වනවා’ ගිවිසුම්ගත සේවා කාලය අවසන් වී ඇතත් තවදුරටත් කොරියාවේ රැඳීසිටින්නට සිදුව ඇති ශ්‍රී ලාංකිකයන් 1600 දෙනා මාස දෙකක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 18 August 2020
රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ යම් පිරිසකට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (18) පැවැත්විණි. 18 August 2020
උඩරට මඟේ දුම්රියක් පිලී පනී නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ පිලී පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 18 August 2020
හිටපු අගමැති රනිල් සමඟ 11කට ජනාධිපති කොමිසම හමුවට එන්න නියෝග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් පිරිසකට සැප්තැම්බර් 7 වැනි දින දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(18) නියෝග කළේය. 18 August 2020
දඹුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරියා අල්ලස් දැලේ කුඹුරු ඉඩමක් ගොඩකිරීම සඳහා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරීවරයා අද (18) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 18 August 2020
’ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙනවා නම් මන්ත්‍රී ධූරය අතහරිනවා’ තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධූරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණ වෙනුවෙන් දිවි දෙවැනි කර කැපවන බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ 18 August 2020
‘කංජිපානිට වැන්ද නියාමක සේවා ස්ථානයට තවම රපෝර්තු කර නෑ’ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවකු වන ’කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ සිරකුටිය අසළට ගොස් වැඳීමේ සිද්ධියට සම්බන්ධ නියාමකවරයා වවුනියාව බන්ධනාගාරය වෙත මාරු කර යවා දැනට සති කිහිපයක් වන නමුත්, මේ දක්වා අදාළ සේවා ස්ථානය වෙත රපෝර්තු කර නැතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 18 August 2020
කලිසම් වාටියේ සඟවා හිරගෙදරට මත්කුඩු ගෙන ආ කතක් අල්ලයි මහර බන්ධනාගාර රැඳවියකුට කලිසම් වාටියක සුක්ෂම ලෙස සඟවමින් මත්කුඩු පැකට් 2 රැගෙන ආ කාන්තාවක් අද (18) අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය කියයි. 18 August 2020
සුවය ලැබූ 79ක් පිටව යති-රෝගීන් සංඛ්‍යාව 134ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගිය බව උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය කියයි. 18 August 2020
පාර්ලිමේන්තු සැසියට යන්න පිල්ලෙයාන්ට අවසර නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති, බන්ධනාගාරගත කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගීවීමට මඩකළපුව මහාධිකරණයෙන් අද(18) අවසර ලබාදී තිබේ. 18 August 2020
වැස්සෙන් කැඩී ගිය යාලේ වැව්- මාර්ග පද්ධති පිළිසකර කරයි පසුගිය වසරේ අධික වර්ෂාව හේතු කරගෙන කැඩී බිඳීගිය යාල ජාතික වනෝද්‍යානයේ වැව් පද්ධතිය සහ මාර්ග පද්ධතිය මේ දිනවල කඩිනමින් පිළිසකර කරමින් පවතින බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය. 18 August 2020
නාමල් ක්‍රීඩා ඇමැති ධූරයේ වැඩ අරඹයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව රජයේ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (18 වැනිදා) පෙරවරුවේ වැඩ ඇරඹීය. 18 August 2020
හිටපු විභාග කොමසාරිස්වරයෙක්ගේ සිරුර වාහනයකින් හමුවෙයි හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු වූ මහින්ද විජයසිරි මහතා, හොරණ-කැස්බෑව ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටියදී අද (18) උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි. 18 August 2020
අරුන්දික ප්‍රනාන්දු අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි නව රජයේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද(17 ) සිදුකෙරිණ. 18 August 2020
අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම් වැඩ බාරගනී අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා කොළඹ අධිකරණ අමාත්‍යාංශයේදි අද (17) සිය ධූරයේ වැඩ බාරගත්තේය. 18 August 2020
විදුලිබල රාජ්‍ය ඇමැති වැඩ බාරගනී නව රජයේ විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යාංශයේ දී අද (18 ) සිදුකෙරිණි. 18 August 2020
මුලතිව් මහරෝහලට වෛද්‍යවරුන් ඉල්ලා උද්ඝෝෂණයක් මුලතිව් මහරෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට වහාම විසඳුම් ඉල්ලා අද (18) රෝහල් සුබ සාධක සංගමය හා ප්‍රදේශවාසීහු පිරිසක් මහරෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹුහ. 18 August 2020
මීගමුව බන්ධනාගාරයේදී රැඳවියකු හදිසියේ මිය ගිහින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසා නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු රාත්‍රි බන්ධනාගාරය තුළ දී මියගිය බව මිගමුව බන්ධනාගාර නිලධාරීන් අද(18) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා වෙත කරුණු වාර්තා කළේය. 18 August 2020
සංගීතඥ පණ්ඩිත් ජස්රාජ් අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයකු වූ පණ්ඩිත් ජස්රාජ් මහතා ඇමෙරිකාවේදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. 18 August 2020
සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර 20 වැනිදායින් ඇරැඹෙයි ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය 20 දා කප් සිටුවීමෙන් ආරම්භ වන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසුවේය. 18 August 2020
කුඩු ජාවාරමුන්ගේ කෝටි 75 ක් බැංකුවල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පරෙයි සුදා” මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 75කට අධික මුදලක් බැංකු ගිණුම්වල පවත්වාගෙන ගිය සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඉදිරියේ ඊයේ (17) කරුණු වාර්තා කළේය. 18 August 2020
දොම්පේ පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය අයෙක් දැලේ දොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 18 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026