
(සුජිත් හේවාජුලිගේ )
ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට " ස්පුට්නික් ලයිට් "හෝ "ජොන්සන් ඇන්ඩ් ජොන්සන් " එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
එම එන්නත් වර්ග දෙකම එක මාත්‍රාව බැගින් ලබා දෙන කාණ්ඩයේ ඒවා බවත් ඇස්ට්‍රාසෙනිකා එක් මාත්‍රාවක් ගත් අයට මෙම එන්නත්වලින් මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් ඇති නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියයි.
මේ එන්නත් දෙකේ මුල් මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිය ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.
මේ අතර මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමේ මුල් අදියරට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි.
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්සන් අංකල්ගේ බාර් එකෙන් දෙනවා නම් තමයි මරු...
මෙතුමා එන්නත් ගෙන්වන්න ගිහින් ඇනගෙන ඉන්නේ. ඒ අස්සේ අතුරු ආබාධ ගොඩක් තියෙනවා කියලා ලෝකයේ දියුණු රටවල් අනුමත නොකරන ජොන්සන් ගැන කතාකරනවා.
සායනික දැනුමක් නැති වෙදෙක්. මෙවැනි අච්චාරු එන්නත් කිරීමක් නැත...
කලවමේ ගහන්න .. මෙවැනි අදහසක් ප්‍රකාශ කරපු පළමු තුමා .. මෙතුමා යි , ඒ වාගේ ම පලවෙනි එන්නත පමණක් ප්‍රමාණවත් කියලා ත් මතයක් දේශපාලන යාන්ත්‍රණය මගින් ගොඩනගමින් පවතිනවා . කෙසේ නමුත් .. සියලු ලක්වැසියන් ට තෙරුවන් සරණ පතනවා
කිසිම අවබෝධයක් නැහැ
පිස්සා කලබල වුණාට දොස්තර කලබල නැහැ..
හැම දෙයක්ම ඇනගත්ත මේ බහුබූත දොස්තරලා දැන් ඉතින් මැරියන්ම කියල පොල් තෙල් එන්නතක් හරි දෙයි. මෙහෙමත් අවාසනාවන්ත රටක්...
ඔය එන්නත් වල dna, rna කියලා ක්‍රම දෙකක් තියනවා නේද? මම දන්න විදිහට ඇස්ට්‍රා එන්නත dna එකක්... දැන් ඔය දෙන අනිත් ඒවත් ඒ ජාතියෙන්ම දෙන්න ඕනෑ නැද්ද?
සල්ලි නැතිකම නිසා ඇත්ත නොකියා මිනිස්සුන්ගේ ආරක්ෂාව ලාභ විදියට සලසන රටක් දැක්කාමයි...
මෙයා මේ ලඟදී හොඳ " පරිප්පුවක් "කෑවා. කෑවා නොවෙයි ඇස්ට්‍රාසෙනෙකා කොම්පැනියෙන් මදි නොකියන්න ඇනගත්තා.. ශ්‍රී ලංකාවේ සිටින අන්ත දූෂිත මාධ්‍ය මුදලාලි කෙනෙකුට ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා ඒජන්සි එක දෙන්න කියලා මෙයා ඒ ආයතනයට ලියුමක් යැව්වා. ඒ ආයතනයෙන් හැරෙන තැපෑලෙන්ම කියලා එව්වා " අපි මේ වැක්සින් දෙන්නේ රජයන්ට පමණයි. එක එක මුදලාලිලාට අපිත් එක්ක බිස්නස් කරන්න දෙන්නේ නැහැ. ලංකාවට අස්ට්‍රාසෙනිකා දෙන්නේ ඉන්දියාවේ තිබෙන සීරම් ලැබ් එකෙන් පමණයි..." කියලා.
යහපාලන කට්ටියගේ සහතික නැවත පරීක්ෂා කරන්න කාලය ඇවිත්... මෙයත් හොර දොස්තරයෙක්. ප්‍රවේශමෙන්...
නව සායනික පරීක්ෂණ අනුව සෙනේකා එන්නත් මාත්‍රා 02 අතර මාස 04ක පරතරයක් පවත්වා ගැනීම ප්‍රශ්නයක් නොවේ. සිදත්ගේ අදහස නිවැරැදිය. DNA සහ RNA කලවමේ දෙන්න බැහැ. කළ හැකි එකම දේ මාස 6-10ත් අතර කාලයකට පසු එන්නත් ක්‍රමවේදය පටන් ගැනීමය.
අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා. මටත් ඔහොම කියන්ට පුළුවන්. හැබැයි ඉතින් දීගන්ටයි බැරි...
ඔය දෙකටම වඩා ධම්මික පැණි එන්නත් හොඳ නැතිද?
මළා... බේබි පවුඩර් පාරක් දීලා බේරෙන්න වගේ යන්නේ...
මේ දවස්වල බලන්න හොඳම එන්නත වෙනුවට... වැඩියෙන්ම කොමිෂන් එක දෙන බෙහෙත. එක එක බෙහෙත් හදලා තියෙන විදිහ ගැනවත් හොයන්න බලන්නේ නැතිව මෙහෙම කියනවා කියන්න අපි මාර ජාතියක් ඉතින්...
අරක්කු බොනකොට වගේ සැන්ඩි කරලා ගහන්න හදන්නේ හොඳා හොඳා...
මේ ඉන්නේ තවත් යටිමඩි මුදලාලි කෙනෙක්. කටින් බතල හිටුවන තවත් සර්ලාටම හරි ගිය එහෙයියෙක්..
නන්දසේනටම සෙට් වෙන කට්ටිය. රට ඉවරයි.
නෝනටයි, බබාලටයි, නැන්දම්මාටයි ඔය ක්‍රමයට එන්නත් කරලා බලන්න.
සෙනෙවි නොදන්න දෙයක් කතා නොකර ඉන්න. මේ රටේ ‘‘මොඩර්නා‘‘ ගහපු අයට දෙවෙනි එක ‘‘ෆයිසර්‘‘ දෙනවා.මෝඩ කතා කියන්නේ නැතිව ඉන්න..
මෙයාලා කියන්නේ ගෙදර ශීතකරණයේ බඩු තියෙනවා වගේ ගන්න ගියාම තමයි බඩු නැත්තේ... ලෝකයේ හැම බෙහෙතකටම අත්හදා බලන එකම රට...
දැන් නිකම් පිස්සු වගේ... නිකම් කුරක්කන් පිට්ටු කාලා කොකාකෝලා බොනවා වගේ ගේමක් දෙන්න යන්නේ...බුදු අම්මෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුකූලද දන්නෑ සෑර්..?