(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .
එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’
කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.
සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.
එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ පාපැදියක් නැති මිනිහයි ඉස්කෝල ලමයිනුයි ගෙදර ඉන්න සීන් එකක් තියෙන්නේ...
පිස්සු.හරියට එකක් කියහල්ලකෝ දවස් 14ද 21ද.මුන්ට වෙලාවක් අවේලාවක් නැතුවට ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න අනෙක් වැඩකරන මිනිස්සුන්ගේ කාලේ කන්න එපා.
පොඩි අයනම් ගෙදර ලොක්කො තමයි රට වටේම යන්නේ
පාපැදිය නැති අයත් පයින් යනවා. යන්නේ නැත්තේ ඉස්කෝලෙ ළමයිනුයි, වයසක අයයි, අබ්බගාගයිනුයි විතරයි..
සංචරණ සීමා දැනට ක්‍රියාත්මක වන ආකාරයට නම් කවදාවත් ඉවත් කරන්න බැරි වෙයි වගේ.
අනේ දෙවියනේ .. මොනතරම් හොඳට තිබුණු රටක්ද මේ? අපේ රටට මේ වසංගත ආවා නෙමෙයි ගෙනාවා. ඒ අයගෙන් සමහරක් දෙනා අද රටේත් නැහැ. මේ ගෙනඒමේ ප්‍රධාන අරමුණ වුනේ සල්ලි වලට තිබුණු කෑදරකමයි. ඒ නිසා මේ රටේ මේ වසංගතය පැතිරුණා. නියපොත්තෙන් කඩන්න තිබූ දේ ඒ වෙලාවේ කැඩුවේ නැහැ. දැන් ඉතින් පොරවෙන් තියා ඊට වඩා ලොකු දේකින් වත්, කඩන්නට බැහැ. අනේ.. රටකට ගිය කලක්...
සංචරණ සීමාවලින් කිසිම වැඩක් නැහැ. දානවා නම් ඇඳිරි නීතිය තමයි හොඳ... ඒත් තවත් එහෙම කළොත් අපිට හිඟාකන්න තමයි වෙන්නේ...
මොන නීතියත් අදාල පොඩි මිනිහට තමයි. ෂැන්ග්‍රිලා එකෙ පාටි දාන්න පුලුවන්, අපි කඩේකට ගිහින් බඩුවක් ගත්තොත්, කොරොනා බෝ වෙනවා.. අත්‍යාවශ්‍ය වැඩකට, වගා කටයුතු වලට අපිට යන්න විදියක් නැහැ. පැලවලට වතුර, එතකොට පොහොර දාන්න ඕනෑ. 7 කියනවා, 14 කියනවා 21 කියනවා. එකක් කියනවලකෝ.. මේ නීති දාන මහත්තුරුන්ට නම් මොකද, එයාලට කැම ටික හම්බෙනවා, පඩිය ලැබෙනවා. ඕනෑ තැනක යන්න පුලුවන්. එක්කෝ නිසි පිළිවෙලක් තියෙන්න ඕනෑ. නැත්නම් රටම එක සැරේ වහලාම දාලා ඉවරයක් කරන්න ඕනෑ. අන්තිමට වෙලා තියෙන්නේ අපි දුක් විඳිනවා.. සල්ලි තියෙන, පගාව දෙන ලොකු මිනිහා හොඳට ජොලි කරනවා...
ලංකාව තරම් කොරෝනාව අනාගෙන, වණ කරගෙන තිබෙන තවත් රටක් වෙන කිසිඳු තැනක නොදුටුවෙමි. ලංකාවේ ජීවත් වෙන අසරණ ජනතාව ගැන ඇත්තේ විශාල කණගාටුවකි. ස්වාභාවික විපත්වලින් පෙන්නුම් කරන්නේ " ලංකා මාතාව" හෙළන උණුකඳුලු නොවේදැයි මට නිකමට වගේ සිතෙයි..
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ සිට වෛද්‍යවරු දක්වා සියලුම සේවක කණ්ඩායම් ජීවිත අවදානම අරන් කරන සේවය කවුරුත් අගය කළ යුතුය. මේ අවදානම් අවස්ථාවේ දැනට සේවය කරන මේ පුහුණු සේවය විශ්‍රාම යාමෙන් ඔබ්බට පවා මේ අවදානම පහව යන තුරු ලබාගන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇත.
ජාතික ඇඳුනුම්පතේ අංකයෙන් යන එක දාන්න 14 වැනිදා ඉඳලා...