(දයාසීලී ලියනගේ)
චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
චීන එන්නත් ගැන බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය බලවතා චීනය ලබා දීමට ගිය එන්නත් සඳහා උදාසීනත්වයකින් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී ඇත.
මෙම වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත එදා චීන එන්නත ලබා ගැනීම මෙරට ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණු බවද වාර්තාවේ.
එම එන්නත් මිලියන 6 ලබා ගත්තා නම් දැන් පවතින කොවිඩ් රැල්ල යම් ප්‍රමාණයකට මර්දනය කර ගැනීමටට හැකියාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත. මේ තත්ත්වය නිසා චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට තිබූ එන්නත් ප්‍රමාණය පසුව ලක්ෂ 5 ක් පමණක් වූ බවද ඔවුන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියයි කියලා බලාපොරොත්තු වෙනවා.
මේ චීන එන්තට ඉඩ දුන්නේ නැත්තේ අර පරාජිතවාදී විශේෂඥ වෛද්‍යවරයා සහ අර තාක්ෂණවේදියා නොවේද? මේකට සොබාදහමින් හෝ දඬුවම් ලැබෙනු ඇත.
අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් ඉහළටම ඉගෙන ගත්ත නමුත් කෙසෙල් බඩවලින් තමන්ගේ කොඳු නිර්මාණයවී ඇති වෛද්‍ය සංගමයේ "කොන් දොස්තරලාට" අපි මෙසේ සඳහන් කරන්නෙමු. ඔය කියන විශේෂඥ දොස්තර හොරාගේ නම කියන්න බැරි ඇයි ..? එහෙමන් මෙහෙන් අතපත ගගා ඉන්නේ... එසේ නොවේ නම් ඒ කියන විශේෂඥ දොස්තර හොරාත් කල්ලතෝනියෙක්ද? ඒ "කාලකන්නියාටත්" නමක් නැද්ද? ඔබලා අපේ දුප්පත් සල්ලිවලින් නේද පිනට ඉගෙන ගත්තේ..? ඒ කෙළෙහිගුණයවත් මතක් කරගෙන කොඳු කෙළින් තියාගෙන "නාලිකාලා" ඉදිරියට ඇවිත් කියනවලා "ඒ විශේෂඥ කොන්දස්තරගේ නම බය නැතිව"... සෑම වස්ත්‍රයකටම වර්ජන කරන නිවට "කොන්" දොස්තර සංගමයේ පතෝල කරල්වලින් කොඳු සෑදී ඇති සියලුම කොන්දොස්තරලාට මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි..!!!
කිඹුල්පතිගේ වෛද්‍ය යාලුවා තමයි. දන්නෝ දනිති
අනිවාර්යයෙන්ම කොරෝනා ආව දවසේ ඉඳලාම ලෙඩ්ඩු වැඩිවෙනවට සතුටු වුණු මිනිස්සු නොමග යවලා පතුරවලා ඒකෙන් දේශපාලන වාසි ගන්න හදපු විපක්ෂයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති. ඒක නම් ශුවර්
මේ වගේ එක්කෙනෙක්ගේ දහස්වලට වැඩ කරන්න වෙන්නේ නැති වෙන්න තමයි රජයක් කියලා පත්කරන්නේ
කවුරුත් නිකන් නම් දෙන්නේ නැ නැහැ .
ඉතාම ආරක්ෂාකාරී කෝවිඩ් එන්නත චීනයේ සාදු සයිනොෆාම් එන්නත තාම, බහරේන් ඇතුළු ගල්ෆ් රටවල දැන් මාස 07ක සිට මේ එන්නත සියලු පරීක්ෂාවලින් පසුව ලබාදුන්නු අතුරු ආබාධ නැහැ. මම එන්නත් 02ම ගත්තා. මගේ වයස අවුරුදු 71. කිසිම අතුරු ආබාධයක් නැහැ...
රටම චීනට දෙන්ඩ හොන්දා .එන්නත් තමා හොන්ද නැත්තේ ?
අනිවාර්යයෙන් බල ලෝබයෙන් රට අවුලවනවා දකින්න කැමති විපක්ෂයේ හිතවතෙක් විය යුතුයි.
දැන් ආණ්ඩුව කරන්නේ විපක්ෂය නොවෙයි නේද? නරක නාම සේරම විපක්ෂයට සහ ජනතාවට, හොඳ නාම සේරම රට කරන පවුලට, මාර තර්ක, මේ නිවට ගතිය කවදා නැතිවේද?
ඕක ගහලා හදිසියේ කොරෝනා ලංකාවේ තුරන් වුණොත්, නිරෝධායන හෝටල්, පී.සී.ආර්. පරීක්ෂණ සහ ඇන්ටිජන් වලින් මුදල් සොයන ගජ මිතුරන්ට මොකද වෙන්නේ?
ඔය වෛරස් එක චීනේ ලැබ් එකක හදපු දෙයක්... ඒගැන මුලින්ම සහ හොඳින්ම දන්නේ චීනේ... එම නිසා එන්නත ගැනීමට බිය වෙන්න හේතුවක් නොමැත. ඕක චීනයේ ඉන්න සියලුම දෙනාට දී ඇත...