(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවඅද (6) දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd