(ඩයනා උදයංගනී)
වැසි තත්වය තරමක් අඩු වුවත්බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd