(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් පුද්ගලයෙකි
නිරෝධායන නිති සහ සංචරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ජීප්රියේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඇතැයි උප පොලිස් පරීක්ෂක වරයා සහ සැරයන්වරයා පවසා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඊට අමතරව පොලිස් අධිකාරීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් විනයානුකූලව කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
මීට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පවත්වා එම කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි අප්පට බල්ලො පැනපි...!!!
එතකොට සැකකරුවො ආයුද පෙන්නන්න එක්කගෙන ගිය පොලිස් කට්ටියගෙත් වැඩ තහනං කොරාද ?
හිතෙනා හැටියට මේ මනුෂ්‍යයා හොඳටම බයවෙලා වගේ තමයි ඉඳලා තියෙන්නේ.... ඒකයි මේ විදිහට පැන තියෙන්නේ. පොලීසියට වගකියන්නට වෙන්නේ මේ සුළු වරදට ගත් මනුස්සයාගේ මියයාම ගැන... මොකක් හරි බහින්බස් වීමක් දුරදිග ගොස්, යාන වාහනයෙන් බිමට තල්ලුකරා වෙන්නට නම් බැහැ වගෙයි පේන්නේ. ඒත්, සිදුවූ දේ කියන්න ඔහු අද ජීවතුන් අතර නැහැ. මේ දෙන්නාගේ වැඩ තහනම් වුණේ මියගිය අයගේ කටඋත්තරේ කොහොමද දන්නේ නැහැ. බලමු ඉදිරියට වෙන්නේ මොනවද කියලා...?
නායකයින් කොරෝනාව පැත්තකින් තබා තමතමන්ගේ බලය රැකගැනීමටම ප්‍රමුඛත්වය දුන් නිසාම අද රටේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතියි. කොරෝනා මැඩපවත්වා ගැනීමට අපොහොසත් වූ ජනාධිපති ඇතුළු පවතින ආණ්ඩුවේ නායකයින්ගේ වැඩ තහනම් වන්නේ නැතිද?
ආයුධ පෙන්වන්න අරන් යන සැකකරු ගැන සොයාබැලීම පොලිස් නිලධාරීන්ගේ වගකීමක් නොවෙයිද?
කුරුණෑගල නගරාධිපතිට... කේක් කවපු පොලිස් ලොක්කාගේ නම් වැඩ තහනම් කළේ නෑ...
තල්ලුවක් දාලා මරලාද දන්නේ නැහැ...
මේ මනුස්සයා පැනල නම් වෙන්න බැහැ
මදූෂ් එක්ක ගිය අයට මුකුත් කළේ නැද්ද?