(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වත්තල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි
මරණකරු නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී පැන යාමට උත්සහා දරා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පව්...!!!
හරිම කණගාටුදායකයි. ලෝකයේ දුප්පත්ම, නොදියුණුම රටවල්වල වත් වෙන්නේ නැති වැඩ දැන් අපේ රටේ වෙන්නේ. අදූරදර්ශි පාලකයන් පත්කර ගත්තාම මේක තමයි වෙන්නේ...
ශ්රී ලංකා පොලිසියේ වධකයින්ගෙන් මට අහන්න තිබෙන්නේ එකම එක ප්‍රශ්නයයි...." ඔය මැරුණ, එහෙමත් නැතිනම් මරපු මනුස්සයාට අත්දෙක පිටුපසට තියා මාංචු දැම්මද...? එහෙම අත්අඩංගුවට ගත්ත කිසිම කෙනෙක්ට පැනලා යන්න බැහැ. ශ්‍රී ලංකාවේ පොලිසිය ඇයි අත්අඩංගුවට ගන්නා අයගේ දෑත් පසුපසට තබා මාංචු නොදමන්නේ...? එහෙම කළොත්.. මිනී මරන්න තියෙන අසික්කිත ආශාව තෘප්තිමත් කරගන්න බැරිවෙන නිසයි .." කියලා මම චෝදනා කරනවා. ඔය ආයුධ පෙන්වන්න කියලා අරගෙන ගොස් මරා දැමූ අපරාධකාරයින් පවා අත් දෙක පිටුපසට තබා මාංචු දැමූ අය නොවෙයි. මෙය උසාවියේදී අභියෝගයට ලක් කළ හැකි කාරණයක්... එවිට අධිකරණයෙන් පොලිසියට නියෝග කරන්න පුළුවනි. සැකකරුවන්ට මාංචු දමනවිට දෑත් පසුපසට තබා මාංචු දමන්න කියා... කොහොම හරි ලේ පිපාසාවෙන් පෙලෙන මිනීමරුවන් කිහිප දෙනෙක් විසින් නැවත වරක් ශ්‍රී ලංකා පොලිසියේ නම ඉදිරියේ තවත් "කළු" සලකුණත් තබා ඇත.
අනේ පව්.. අසරණයා.. පොලිසියත්, මහ බලවතුන්ගේ හයියත් අරන් තමයි මේ දිනවල ඉන්නේ. ඔය නිල ඇඳුමට යටින් තියෙන හදවතට ටිකක් තට්ටුකරලා බලන්න ඇත්ත තත්ත්වය ගැන... දුවන ජීප් එකෙන් පනින්න මේ මනුස්සයාව පොලිසියෙන් කොච්චර බයකරන්න ඇතිද කියලා අපට හිතාගන්නට පුළුවන්... කිව්වාට තරහා වෙන්න එපා. ලංකාවේ පොලිසියේ බොහෝ නිලධාරින්ගේ නීතිය දේශපාලකයාගේ දෙපාමුල දණ ගහනවා. අසරණයා ඉදිරියේ බොහොම තදින් ක්‍රියා කරනවා. උස් තැන් දැක හැකිලෙන්නේ...!! මිටි තැන් දැක පුප්පන්නේ.. වරද කියාදීලා බොරුවට සැරයක් දාලා, එලවලා දාන හොඳ නිලධාරීන්ද සිටිනවා. ඒ වැනි නිලධාරීන් මෙතන සිටියා නම්, මේ විදිහට මේ ජීවිතය නැති නොවන්නට ඉඩ තිබුණා. මොනවා වුණත්, කොරෝනා ගරානාවක් කරගැනීම නිසා, කොරෝනා වැවීම සිදුකළ ආන්න ඒ අය නිසා මේ ජීවිතය රටට නැතිවුණා. සැබෑ සත්‍යය එයයි. මුලාවෙන් සත්‍යය වැහුවත්, දහම කාටත් පොදුයි. පාපයෙන් බේරෙන්නට බැහැ. එය නිසි වෙලාවෙදී නිසි අය සොයා යාවි...
ඒ කොහොමද වෙන්නේ ජීප් ඒකේ පිටිපස්සෙ ඔහු විතරද හිටියේ..? ඔහු පනිනකං පොලිසිය බලන් හිටියාද?
ඔහු බන්ධනාගාරයේ නෙවෙයි ඉන්නේ..!!!
සැඟවූ ආයුධ පෙන්නන්න යන වාක්‍යය වෙනස් කරලා වගේ...
ඔන්න දැන් මානව හිමිකම් මුදලාලිලාට කෑගහන්න අවස්ථාවක්.
සාමාන්‍ය මිනිහා සංචරණ නීති යටතේ බලෙන් ගෙනියනකොට වැටිලා මැරෙනවාෙ. ජය වේවා විරුවාගේ එක රටක් එක නීතියක්.
කොරෝනා වලට වැඩිය බයයි නිරෝධායන නීති වලට. මිනිස්සු ඔහොම හැසිරෙන එක සාධාරණයි. පලවෙනි රැල්ලෙදි හමුදාවයි, කැමරා කාරයොයි දාගෙන නැටුවා. දෙවෙනි රැල්ලෙදි පැණි කාරයෝ එක්ක නැටුවා. දැන් ඇපත් නෑ. පොලිස් නිලධාරින් පීඩනයෙන් ඉන්නේ. ඔවුන් පීඩනය පිට කරන්නේ සාමන්‍ය ජනතාවගෙන්.
පොලිස් ආරක්ෂාවේ ඉන්න පුද්ගලයින් එතැනින් පැනයාමට ගත් උත්සාහය හීනවී මරණයට පත්වීම සුළු දෙයක්... ඒ හේතුවත් මේ වගේ කටුක අවදානම් අවස්ථාවක රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අඩන් තේට්ටම් කිරීම, ඔවුන්ගේ වැඩ තහනම් කිරීම ඉතාමත් බොළඳ ක්‍රියාවක් ලෙස අපි පිළිගනිමු.
ඔබට නිවන් සුව ලැබේවා...!!!