(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රටට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අවශ්‍යදැයි රජය මේ මොහොතේදී සොයා බැලිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
කොවිඩ් පළමුවැනි රැල්ලේදී ඒ පැතිරීම හොඳින් පාලනය කර ගනු ලැබුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් බවද
ඔහු සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙසේද පැවසුවේය.
" පවතින තත්වය හොඳ නැහැ .මේ නිසා නිරෝධායන ඇඳිරි නීතිය වැනි තත්වයට යන්න වේද කියන ප්‍රශ්නය තියෙනවා.රජය පැත්තෙන් බලන්න ඕන මේ තත්වය තද කරන්න.ඇඳිරි නීති තත්වයට යන්න වේද කියලා රජය බලන්න ඕන"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය කියන්නේ දිගටම වැඩ කරන්න කියලා. මම වැඩ කරන්නේ රජයට අයත් කොම්පැනියක... බස්වල එන අය හැරුණු විට අනෙක් හැමෝටම වැඩට එන්න තමයි කියන්නේ...
දැන් මිනිස්සු කඩවල්වලට නොගියාට මේ වේලවේ වැඩ නැති නිසා ගෙයින් ගෙට යනවා කයිය ගහන්න, පාටි දමන්න. ඒ වේලාවට මුව ආවරණයක්වත් නෑ. ඒක තමයි බෝ වෙන්න තියෙන හොඳම විදිය... ගෙවල් අතර කෙරෙන සංචරනය නවත්වන්න බැරිනම් මේකෙන් ගොඩ එන්න බැහැ. ආර්ථිකය වැටෙනවා විතරයි. ඒක ඉහළ ඉන්න අය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැහැ. මෙතුමා කියන එකේ තේරුමක් තියෙනවා.
මිනිසු මැරුණට කමක් නැහැ අපේ ආර්ථිකය වැටෙන්න දෙන්න බැහැ
මේ අය හදන්නේ රට නැති කරන්න. මිනිස්සුන්ව පාරට බස්සලා උද්ඝෝෂණ කරලා ආණ්ඩු මාරු කරන්න.
මේ අය දැක්කාම කියන්න පුළුවන් හොරුන් කියලා. කොහෙන් හරි සල්ලි කුට්ටියක් අරන් මාධ්‍ය සංදර්ශන දානවා. රටම වහලා දාන්න.