(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය .
ඔහුගේ ඉල්ලීම අනුව අවශ්‍ය පහසුකම් සලසා දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තුවට රැගෙන එඑන්නැයිද වේත්‍රධාරිවරයා දැනුම් දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බදියුදීන් මහතා පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැගෙන එනු ලැබීමෙන් පසුව පාර්ලිමේන්තු පිවිසුමේදී පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන්ට බාර දිය යුතු බවත් එතැන් සිට පාර්ලිමේන්තු සංකීර්ණයට ඔහු රැගෙන එනු ලබන්නේ එම නිලධාරීන් විසින් බවත් වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදියුදීන් මහතා මෙයට පෙර පැවැති පාර්ලිමේන්තු රැස්වීම්වලටද වේත්‍රධාරී වරයාගේ දැනුම්දීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි රැගෙන එනු ලැබීය.
මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් පදනම් කරගෙනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිතිය හිරේ ඉන්න හැමෝටම අදාලද? මොකක්ද මේ නීතිය?
ඔබතුමා අපේ පාර්ලිමේන්තුවට අවශ්‍යම පුද්ගලයෙක්. අනික අර රන්ජන් රාමනායකලා වගේ කැලෑ කපලා ත්‍රස්තවාදී වැඩකරලා නැහැනේ ඔබතුමා. සුළු වැරැද්දක් කළත් පර සිංහලයෙකුගේ කීමට තමයි ඒ සුළු වැරැද්ද කරලා තියෙන්නේ... මේ රට ගොඩ ගැනීම ඔබතුමාලට බාරයි. පරයන් සමග එකතු නොවී, ඔබගේ ජාතිය සමග එකට එකමුතු වී කටයුතු කරන්න. ජය වේවා!
රිෂාඩ් ව තියාගෙන හැමදාම ප්‍රශ්න කිරීමෙන් පමණක් වැඩක් නැහැ.හිටපු සේමණක් පාස්කු ප්‍රහාරයට දඬුවම් දෙන්නට බැහැ.ඊට ඉහළින් තිබෙන බලය බිඳ හිටපු සේනාධිනායනාධිනායකයා සුවසේ නිදැල්ලේ.ඔහු තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළේ නැහැ.රහස් පොලීසියට පකයා අත්අඩංගුවට ගත යුතුයි.රිෂාඩ් පමණක් ගෙන තබාගෙන සිටීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ.
පෝට්සිටි අනුමත කරගන්න ඕනේ නිසානේ ඔය මනුස්සයාව ඇතුළට ගත්තේ... දැන් කොරගත්තනේ... තවත් විහිළු නොකර එළියට දාන්න සර්...!!!
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රවෘත්තියක් එනවා කියන්නේ තවත් මොනවාහරි විකුණන්නද දන්නේ නෑ..!!!